නඩුව

හොරා

කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන දෙබසක්

මහ රෑ ගෙදරට ආපු හොරාව පොල්ලකින් ගහලා බිම දැම්මලු නේද? ඔයාට පොඩ්ඩක් වත් බය හිතුනේ නැත්ද?
කවුද අනේ දන්නේ ඒ හොරෙක් බව.මම හිතුවේ අපේ මනුස්සයා බීගෙන ගෙදර ඇවිත් කියලනේ







නඩුව
  • මහේස්ත්‍රාත් වරයා- ''පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ නැද්ද''
  • විත්තිකරැ- ''දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා''
  • මහේස්ත්‍රාත් වරයා- ''ඊට පස්සේ''
  • විත්තිකරැ- ''මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල''






ටියුබ් ලයිට්

ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ.

ඔහොම කාලයක්‌ යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.

ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහයා පැනල වඳුරව මරාගෙන කෑව.

ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව.

ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

"මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ?" ඉබ්බා කිව්වලු "මරු ඕයි වඳුරාගේ ජෝක් එක".

බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.








උසාවියේදි

උසාවියේදි නඩුකාර තුමා පියදාස ගෙන් මෙසේ ඇසීය
''යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ ලජ්ජා නැද්ද?''

''ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ''








ආදරය
  • බිරිද- ''හානේ...මෙයා කන්තොරැ යන්න ලැස්ති වෙලා හොරාවගේ එලියට බැස්සට කොන්ඩෙවත් පිරල නෑ.ෂා.. බලන්නකො ටයිගැටෙවත් දාගෙන නෑනේ හරියට, කො.. ඉන්නකො මන් ඔක හදනකල්...''
  • සැමියා- ''හැබැවටම ඔයා ඔහොම කිව්වහමයි මතක් උනේ අද පඩි දවස කියලා''







එකට එක
  • බිරිද- ''අන්න ඔයාගෙ තරහකාරයා කාර් එකක් අරන් උට රිදෙන්නත් එක්ක ඔයත් ගන්න කාර් එකක්.අත අරින්න එපා මිනිහ කරන හැම එකම ඔයත් කරන්න පස්සට යන්න එපා''
  • සැමියා- ''ඔව් ඔව් එහෙම තමා මාත් හිතාන් ඉන්නේ, මිනිහ ලගදිම ගෑනියකුත් ගෙනව කියල ආරංචියි.''







තෑබැරුම

තැබැරුමක් අසල සිටින බල්ලන් දෙදෙනෙක්
  • 1වන සුනඛයා: ඒයි ටොම් උඔට මතකද අර අතන ඉන්න මෑන්ව? අපි දවසක් බුරාගෙන පැන්නේ
  • 2වන සුනඛයා: ඔව් මටත් මතකයි
  • 1වන සුනඛයා:එහෙනං ඉක්මනට මාරු වෙමු මිනිහා අතනින් ගල් භාගයක් ඉල්ලුවා අපිට ගහන්න වෙන්න ඇති







යාලුවා
  • යාලුවා මැරුනට පස්සේ මාත් බීම නැවැත්තුවා
  • යාලුවා වගේ උබත් අකා‍ලේ මැරෙයි කියලා බය හිතුනද?
  • එහෙම දෙයක් නෙවෙයි බන්.මම බිව්වේත් උගේ සල්ලි වලින්නේ







කටුගෙය
  • තා‍ත්තේ කාගේද මේ හිස් කබල?
  • ඒක ජුලුයස් සිසර් ගේ හිස්කබල පුතේ
  • එතකොට මේ ලගින් තියන හිස්කබල?
  • ආ...ඒකද? ජුලුයස් සිසර් පූංචි කාලේ හිස්කබල.








මැරතන්
  • මම මැරතන් එක නිම කරනකොට අනිත් තරග කාරයෝ පෙන්නවත් නෑ!
  • එහෙනං තමුසේ සෑහේන වේගයකින් ඇවිත් තියනවා
  • මොන වේගයක්ද හලෝ...උන් සේරමලා තෑගිත් අරං ගෙවල් වලට ගිහින්!!









 

Comments