අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු

අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු




ඔයාලත් කැමති ඇතිනේ, ඔයාටම කියලා Icon එකක් හදාගන්න,, මේ තියෙන්නේ මේකට පට්ට මෘදුකාංගයක් බාවිත කරමින් අලංකාර අයිකන් එකක් සකස් කරගන්නා ආකාරය.

වින්ඩෝස්, යුනික්ස්, මැකින්ටෝස් යන මෙහෙයමු පද්ධති (OS) තුනෙහිම ධාවනය කල හැකි Icon WorkShop මෘදුකාංගය භාවිතයෙන් අපිට කැමති විදිහකට ඉතාමත් සරලය පහසුවෙන් අයිකන් එකක් නිර්මාණය කරගැනීමේ හැකැයාව තිබෙනවා, ඒ වගේම මෙය භාවිත කරමින් දැනටමත් අපගේ පරිගණකයේ තිබෙන Icon එකක් උවත්, වෙනස් කරමින් එනම් සංස්කරණය කරමින් නව අයිකන් එකක්ද නිර්මාණය කිරීමට පුළුවන, ඒ වගේම ඔබ විසින්ම අයිකන් එකක් නිර්මාණය කරනවානම්, ඒ සදහා අවශ්‍ය වන විවිද Tools බොහොමයක් මෙම මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා.

තනිව සරළව, පහසුවෙන් ඉගෙන ගත හැතිවීම මෙම Icon WorkShop මෘදුකාංගයෙහි තිබෙන විශේෂත්වයක්, මෙමගින් මූලික Graphics දැනුමක් නොමැති අයෙකුට උවත් අයිකන් එකක් නිර්මාන කිරීම පුළුවන, ඒ වගේම Graphics ගැන දැනුමැති සහ අයිකන් ක්‍රියාත්මක වෙන ආකරය ගැන ක්‍රමලේක හා සම්බන්ධ දැනුමක් ඇති, අයෙකුට වඩාත් වැදගත්, මොකද ඔවුනට ඉතා උසස් සට්ටමේ අයිකන් එකක් නිර්මාණ කරගැනීමට පුළුවන.

ඒ වගේම මෙය භාවිත කරමින් අයිකන නිර්මාණය කිරීමේදී නිර්මාණ කරුවාට වඩාත් පහසු වන අකාරයෙන්, අයිකන් එකක් නිර්මාණයට අවශ්‍ය මූලික කොටස් මෙහිම ඇතුලත් කර තිබීම තවත් එක් වාසියකි, ඒ වගේම අයිකන් එකක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාරයයක් වන්න පුළුවන්, එහෙත් ඔබට Adobe Photoshop වගේ මෘදුගාංයක් භාවිත කිරීමට පුළුවන් නම් එයින් නිර්මාණය කරගත් පිංතූරය අයිකනක් සේ පරිවර්ථණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. ඒ වගේම අප පරිගණකයේ තිබෙන psd. Png. Bmp. Jpeg.gif ආදී ෆයිල් ෆෝමැට් වලින් තිබෙන පිංතූර අයිකන් එකක් ආකරයට පරිවර්ථනය කිරීමටද පුළුවන් වීම නිසා මෙය ගොඩක් පහසු මෘදුකාංගයක්. ඉතින් ඔබත් කැමති ඇති ඔබේම කියලා Icon එකක් නිර්මාණය කර ගැනීමට, එහෙනම් ඒ ඔයාලට පහල ලින්ක් එකෙන් Icon WorkShop මෘදුකාංගය Download කරගෙන, පහසුවෙන් Icon එකක් නිර්මාණය කර ගැනීමට පුළුවන්.



ඔයාලත් කැමති ඇති, ඔයාලටම කියලා පොඩි අයිකන් කෑල්ලක් හදාගන්න, ඒත් ඒක කරගන්න විදිහක් නැතිවද හිටියෙ, මේ තියෙන්නෙ, Icon හදන්න ගොඩක් ජනප්‍රිය සහ පහසු Icon WorkShop මෘදුකාංගය. ඒ වගේම මෘදුකාංගයෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා, ඒ තමයි මෙය Portable Version එකක් වීම. මොකද ඔයාලට මේ සොෆ්ට් එකේ ට්‍රයල් එක Official Site එකෙන් Download කරගන්න පුළුවන්, එහෙත් Key එකක් නැතිව ඒක Run කරන්න බැහැ....අවුල් සහගතයි. ඉතින් මුකුත් කරදර නෑ...File එක උඩ Double Click කරලා Icon WorkShop මෘදුකාංගය Open කරගෙන, හිතේ හැටියට Icon හදන්න, පහල පිංතූරය උඩ ක්ලික් කරලා මෘදුකාංග Download කරගන්න.

Comments