තාරකා විද්‍යාවට මහත් සේවයක් කරන, හබල් අභ්‍යාවකාෂ දුරේක්ශය

තාරකා විද්‍යාවට මහත් සේවයක් කරන, හබල් අභ්‍යාවකාෂ දුරේක්ශය


එඩ්වින් හබල් නම්වූ තාරකා විද්‍යාඥයාට උපහාරයක් ලෙස නම්කල හබල් දුරේක්ශය, 1990 අප්‍රියෙල් 24 පෙරවරු 8:33:51 ට ඩිස්කවරි යානය මගින් පෘතුවියෙන් නික්මුනේ, 2014 වනතෙක් තම සේවාව සපයනු පිණිසයි.
හබල් රැගත් ඩිස්කවරි යානය


United States Space Agency මගින් නිර්මාණය කල හබල් දුරේක්ශය පෘතුවියේ සිට කිලෝමීටර් 559 ඉහල අහසේ කක්ශයක රඳවා ඇත. මෙහි මුළු බර කිලෝග්‍රෑම් 11,110 වන අතර, ආයු කාලය අවුරුදු 27 යි මාස 7ක් ලෙස ගනන් බලා ඇත.
ඩිස්කවරි යානයෙන් මුදාහරින හබල් දුරේක්ශය


ඉතාම අඩු ආලෝක තත්ව යටතේදී පවා ඉතා තීව්‍ර ඡායාරූප ලාබාගැනීමට සමත් හබල් මේ වනවිට ලක්ෂ 5ට අධික ඡායාරූප ප්‍රමාණයක් නාසා ආයතනය වෙත ලබාදී ඇති අතර, එම දත්ත ප්‍රමානය ටෙරාබයිට් 30 ඉක්මවා ඇත. මෙම කාර්යය ඉටුකිරීම සඳහා පෘතුවිය වටා වාර 150,000 ට වැඩි ගනනක් බ්‍රමනය වී ඇති අතර එක් බ්‍රමන කාලයක් සඳහා මිනිත්තු 97ක් ගතවේ.
කක්ෂගතකල හබල් දුරේක්ශය



හබල් විසින් ගනු ලැබූ ඉතා ඈතින් පිහිටි මන්දාකිනි ඇතුලත් Ultra deep Field ඡායාරූපය


1983 වර්ෂයේ කක්ශගත කිරීමට සැලසුම්කල හබල් සඳහා මුදල් ප්‍රතිපාදණ සකස් කරනු ලැබ ඇත්තේ 1970 වර්ෂයේදීය. නමුත් කාර්මික දෝශ, මුදල් ප්‍රතිපාදන වල හිඟකම් සහ චැලෙන්ජර් යානයේ ව්‍යාසනය, හබල් ව්‍යාපෘතිට භාදා කලේය. කෙසේ හෝ සියලු අභියෝග ජයගෙන 1990 වර්ෂයේ හබල් කක්ශගත කලත්, එහි ප්‍රධාන දර්පණය නිවැරදිව භුගතවී නොමැති බව හබල් අභ්‍යාකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදි, මේ හේතුව නිසා වසර තුනක් යනතෙක්ම හබල් දුරේශයේ අඩක් අන්ධව පැවතුණි.

හබල් දුරේක්ශයේ ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා කිරීමට අවශ්‍ය විදුලි බලය ලබාගනුයේ, දෙපස පිහිටි සූර්යය කෝෂ මගිනි. මෙම සූර්යය කෝෂ මඟින් වොට් 3,000 ක විදුලි බලයක් ජනනය කරනු ලබන අතර, එමඟින් හබල් තුල ඇති බැටරිය ආරෝපණය කිරීමක්ද සිදු කරයි. මුලුමනින් ආරෝපණයවූ බැටරිය හබල් තුල ඇති උපාංග පැය 7.5 කාලයක් පුරා ක්‍රියා කරවීමට සමත්ය. මුලු බ්‍රමන කාලය වන විනාඩි 97න් විනාඩි 36ක කාලයක් මෙම උපාංග ක්‍රියා කරනුයේ, බැටරියෙන් සපයන විදුලිය මඟිනි. ඒ මන්ද යත්, හබල් පෘතුවියේ සෙවනැල්ලෙන් වැසුනු පසුව, සූර්යය ආලෝකය ලබා ගත නොහැකි බැවිණි.

හබල් දුරේක්ශය සතු උපාංග


1993 දෙසැම්බර් මස ගගනගාමීන් පස් දෙනෙක් රැගත් එන්ඩෝවර් යානය දින දහයක සාර්ථක මෙහෙයුමකින් පසු නැවත පැමිණියේ, හබල් දුරේක්ශයට නවතම අධි තාක්ෂණික මෙවලම් කිහිපයක්ම සවිකිරීමෙන් පසුවයි. හබල් අභ්‍යාකාෂ මද්‍යස්ථානය පවසන්නේ, මෙම SM1 මෙහෙයුමෙන් පසු හබල් දුරේක්ශයෙන් ගන්න ඡායාරූපවල තීව්‍රතාවය හතර ගුනයකින් පමණ ඉහලනැංවුන බවයි.
SM1 මෙහෙයුම අතරතුර, මස්ග්‍රේව් සහ හොෆ්මාන් යන ගගනාගාමීන් දෙදෙනා විසින් හබල් දුරේක්ශයේ වැඩිදියුණු කටයුතු සිදුකරන ආකාරය



SM1 මෙහෙයුමෙන් පසු හබල් දුරේක්ශයේ වැඩිදියුණුව


මෙලෙස පස් වතාවක් හබල් දුරේක්ශයේ වැඩිදියුණු කටයුතු සිදුකර ඇති අතර, අවසන් වශයෙන් වැඩිදියුණු කිරීම් කරනු ලැබ ඇත්තේ වර්ෂ 2010 දීය. මෙම වැඩිදියුණු කිරීමත් සමඟම හබල් දුරේක්ශයේ ආයුකාල වර්ෂ 2014 දක්වා දීර්ඝ විය.

වැඩිදියුණු කිරීමේ මෙහෙයුම් අතරතුර සවිකල උපාංග



අභ්‍යාවකාශයේදී වැඩිදියුනු කලහැකි ලෙස නිර්මාණය කර ඇති එකම දුරේක්ශය වන හබල් මුලුමනින්ම පාලනය කරනු ලබන්නේ, නාසා ආයතනයට අයත් Goddard Space Flight Center මගිනි. මෙමඟින් ලබා ගන්නා දත්ත ලේඛනගතකිරීම සඳහා Space Telescope Science Institute (STSI) වෙත යවනු ලබයි.
Goddard Space Flight Center


හබල් දුරේක්ශයෙන් ලබාගන්නා ඡායාරූපවල නිරව්ද්‍යතාවය වැඩිදියුණු කිරීමට, පස් වතාවක්වූ වැඩිදියුණු කිරීමේ මෙහෙයුම් මහත් රුකුලක් විය, එහෙයින් පික්සල් මිලියන් 16ක විභේධන බලයකින් යුත් විශිෂ්ට ගනයේ ඡායාරූප ගැනීමේ හැකියාවක් හබල්ට ලැබී ඇත.
විවිද ආලෝක මට්ටම් යටතේ ගනුල් ලබන ඡායාරූප කලුසුදු වර්ණයෙන් යුක්තයි. පසුව ෆොටෝශොප් මෘදුකාංගය මඟින් කෘතිමව වර්ණගැන්වීම තුලින් අවසාන ප්‍රතිඵලය වන වර්ණවත් ඡායාරූප ලබා ගනියි.

හබල් ඡායාරූපවල වර්ණාවලිය සකසන ආකාරය.




හබල් දුරේක්ශයෙන් ගනු ලැබූ ඡායාරූප සමහරක්










විශාල කිරීම සඳහා අවශ්‍ය ඡායාරූපය මත ක්ලික් කරන්න

Comments