ඩිස්කවරි ෂටලය විශ‍්‍රාම ගනී

ඇමරිකාවේ ගුවන් හා ගගණ (නාසා) ආයතනය සතුව තිබූ අභ්‍යවකාශ ෂටලය විසි අට වසරක මෙහෙවර හමාර කරමින් අභ්‍යාවකාශ ගමන්වලින් අඟහරුවාදා සිට විශ‍්‍රාම ගැන්වීමට නාසා ආයතනය තීරණය කළේය. නාසා ආයතනයේ පැරණිතම හා වැඩිම වාරයක් අභ්‍යාවකාශ ගත වූයේ ද ඩිස්කවරි ෂටලයයි. වොෂින්ටන්හි ජාතික කෞතුකාගාරයේ යානය තැන්පත් කිරීමට මත්තෙන් ඩිස්කවරි ෂටලයට කෘතගුණ සැලකූ නාසා ආයතනය එය අවසන් ගුවන් ගමන සඳහා යෙදවිය. බොයින් 747 ගුවන් යානයක ඉහළ සවි කළ ඩිස්කවරි ෂටලය කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට වොෂින්ටන් නුවර අහස පුරා සැරි සැරීය. මෙම අවස්ථාව දැක ගැනීමට ප‍්‍රභූවරු, මාධ්‍යවේදීන් හා විදෙස් සංචාරකයෝ දෙදහසකට අධික පිරිසක් කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට එක්වූහ. ගගණගාමීන් තිදෙනකු සමග ඩිස්කවරි ෂටලය 1984දී කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ප‍්‍රථම අභ්‍යාවකාශ ගමන් ගියේය.


 
උපුටා ගැනිම ලංකාදිප පුවත් පත

Comments