නිදිමත නසන පිරිත් පොල්...

රස ගුණ පිරි නිදිමත නසන (ඔබ නොදු‍ටු) පිරිත් පොල්...



හැමෝම කෑම ජාති හදන නිසා මමත් හිතුවා රසවත් ගුනවත් කෑමක් හදන හැටි කියන්න....
මේක අනිවරෙන්ම රෑට නිදි මරන්න වෙන පිරිත් ගෙවල් වලදී කෑමට ගන්න දෙයක්..
කැමති කෙනෙක්ට ගෙදරදි හදලා බලන්න පුලුවං..
අපේ සීයගෙන් තමයි මට මේක ලැබුනේ...
මේක පරම් පරාවෙන් පරම් පරාවට එන කෑමක්...
ඉතාම රහසිගතව තමයි මේක හදන්නේ...
ඔන්න එහෙනං වැඩේ පටන් ගන්න යන්නේ...

අවශ්‍ය කරන දෑ..

හොඳින් වේලුනු පොල් ගෙඩි හතරක්...(20-25 කට සෑහේ...පිරිතකට)


උල් පිහියක්


හීනි චුට්ටංකිතර පුනීලයක්




පත්තර පි‍ටු දෙක තුනක්

ගල් බෝතල් බාගයක්...


සාදන ක්‍රමය....

මුලින්ම හොදින් හොල්ලා බලා ‍තෝරාගත් වේලුනු පොල් ගෙඩි හතර මුඩ්ඩ ගලවා ගන්න...
උඩ කොටසේ ඇති හිල් තුනෙන් එක හිලක් උල් පිහියෙන් හිල්කර පොල් වතුර අයින් කරන්න.
මේ ආකාරයට ගෙඩි හතරටම කරගන්න...
චූටි හීනි පුනීලයෙන් සම සමව ගෙඩි හතරටම ගල් අරක්කු ටික පුරවා පත්තර කොල වලින් ආවරනය කරන්න...
විශේශයෙන් කූබින්ගෙන් ආරක්ශාවට..
ඉන්පසුව ඉතාමත් සුරක්ශිතව මේ පොල් ගෙඩි හතර ගෙදර අඳුරු මුල්ලක සඟවා තබන්න..
නිරන්තරයෙන්ම සුපරික්ශාකාරීව පොල් ගෙඩි ඒ ලෙසටම තිබේදැයි දවස් හතරක් ඉවසා සිටින්න..
හතරවෙනි දවසේ පොල් ගෙඩි ටික පැය 2 පමන ගිනි අව්වේ වේලා ගන්න....
ඉන්පසුව ඉතාමත්ම පරිස්සමින් පොල් ගෙඩිය බිදගෙන පොල් කෑලි ටික එලියට ගන්න...


සිහින්ව කපාගත් පොල් කෑලි නිදිකිරා වැටෙන පිරිත් අසන්නන්ට පිලිගන්වන්න...
අත්දු‍ටුයි ප්‍රත්‍යක්ශයි එලිවෙනෙකං නින්ද යන්නේ නෑ..
විශේශයෙන්ම අවුරුදු 18ට වැඩි අයට පිලිගන්වන්න....
පූජ්‍ය පක්ශයට පිලිගැන්වීමට ප්‍රථමයෙන් සාමනේර ණමක් දැනුවත් කරන්න....


මෙන්න මේවගේ ලේසි ක්‍රමයක් තමයි තියෙන්නේ පිරිත් පොල් හදන්න...
පිරිත් ගෙවල් වල ගිහිල්ලා තියෙන අය දන්නවා ඇතිනේ...
ගොඩක් අය කාලත් ඇති...
මේක මුඛ පරම්පරාවෙන් පැවත එන කෑමක්...
කැමති කෙනෙක්ට හදලා බලලා ටෙස්ට් කරන්න පුළුවන්..

 

Comments