බහුලව පවතින ලිංගික ගැටළු පුරුෂයින්ට සහා ස්ත්‍රින්ට ප්‍රධාන ප්‍රතිකාර මොනවාද?

ලිංගික ගැටළු


sexual problems

ලිංගිකත්වය ජීවීන්ට පොදු ලක්ෂණයකි. නමුත් මේ පොදු දෙය අප බාහිර ලෝකයට දැනෙන්නට
 සලස්වන්නේ කෙසේද? යමෙකුගේ කල්පනාවන්, හැගීම්, හැසිරීම් මෙන්ම ස්ත්‍රිද පුරුෂද යන්න ප්‍රකාශ කිරීම තුලින් බාහිර ලෝකයට කෙරෙන ප්‍රකාශය නැතහොත් හැදින්වීම ලිංගිකත්වයලෙස හදුන්වන්න පුළුවන්.
ලිංගික සෞඛ්‍යය යනු කුමක්ද?
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නැතහොත් ලිංගිකව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වැලදීමන් පැතිරෙන රෝග, තමා බලාපොරොත්තු නොවූ තමාට අවශ්‍යය නොවන ගැබ් ගැනීම්, හිංසනයෙන් නැතිනම් වෙනත් අයෙකුට වඩා වෙනස් නොවන ආකාරයෙන් තම ලිංගිකත්වය ප්‍රකාශ කිරීමට යමෙකුට ඇති හැකියාව මෙයින් පැහැදිලි කල හැකිය.
යම් අයෙකුගේ ස්ත්‍රි/පුරුෂභාවය යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද ?
යම් පුද්ගලයෙකුට ජීව විද්‍යාත්මකව පිහිටන ප්‍රජනක ඉන්ද්‍රියන්ගේ ලක්ෂණ තුලින් උපතේදීම යමෙකු ස්ත්‍රීද පුරුෂද යන්න පැවසීම ඉතාම සරල කරුණක්. එය ව්‍යුහ විද්‍යාත්මකව, කායික විද්‍යාත්මකව, ජාන විද්‍යාත්මකව වෙන වෙනම හදුනාගන්නට හැකියි.
  •  ව්‍යුහ විද්‍යාත්මකව නම් - පියයුරු, ස්ත්‍රී යෝනි මාර්ගය, පුරුෂ ශිෂ්ණය
  •  කායික විද්‍යාත්මකව - ස්ත්‍රියගේ ඔසප් වීම, පුරුෂයෙකුගේ ශුක්‍රාණු නිපදවීම
  •  ජාන විද්‍යාත්මකව -  ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් මෙය තව දුරටත් පැහැදිලි කර ගත හැක.

යමෙකුගේ ලිංගික යොමුව යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

ලිංගික ප්‍රකාශනය සදහා ප්‍රේමාන්විත හැගීම් වීම ඉතාම ප්‍රායෝගික කරුණක්. නමුත් මේ හැගීම් ඇති වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහිද, නැත්නම් තම ලිංගිකයන් කෙරෙහිද? (සම ලිංගිකයන්ට ද) නැතහොත් විරුද්ධ හා සම වශයෙන්ද (ස්ත්‍රි / පුරුෂ දෙපාර්ශවයටම ද) යන කරුණයි.

ලිංගික හැසිරීම යනු කුමක්ද?

යමෙකුගේ ලිංගිකත්වය ප්‍රකාශ කිරීමේ හැසිරීම් නැතහොත්, තවත් අයකු හවුල් කොටගෙන හැසිරීම හෝ තමන් තනිවම හැසිරීමද යන්න මෙහිදී පැවසෙයි. මෙය වඩාත් පැහැදිලි කලහොත් ස්පර්ශ කිරීම්, සිප වැළද ගැනීම්, සිරුර උත්තේජනය කිරීමට ඉවහල් වන පිරිමැදීම් ඇතුලු ක්‍රම සහ පුර්ණ ප්‍රවේගාත්මක ලිංගික හැසිරීම නැතිනම් සංසර්ගය ලෙස මෙය පැහැදිලි කර ගත හැක.

ලිංගික ප්‍රතිචාර චක්‍රය යනුවෙන් පැහැදිලි කර ඇත්තේ කුමක් ද?

යම් පුද්ගලයකු ලිංගිකව ප්‍රාණවත්වීමේ දී හා ලිංගික ක්‍රියාවන්වල යෙදීමේ දී ඇතිවන මානසික හැගීම් හා ශාරිරික වෙනස්කම් රාශියක් පවතියි.
එය අදියර 4කින් පැහැදිලි කළ හැකිය.

1. පිබිදීම
මෙය විනාඩි කිහිපයක සිට පැය කිපයක් දක්වා පවතින අතර, සංවේදී උත්තේජනය, සිතුවිලි හා කල්පනා මුලින්ම හටගනී. මේ නිසා ලිංගික ක්‍රියාකාරකම් සහ සමීපභාවය ඇතිවෙන අතර හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනීමේ වේගය ක්‍රමයෙන් වැඩිවේ. තවද මාංශපේශි වල තදගතිය ඇතිවන අතර පුද්ගලයාගේ ලිංගික අවයවයන්ට රුධිරය ගලා ඒම වැඩිවේ. මේ අවස්ථාවේදී පියයුරුවල පුඩු ඝෘජු වීමත් කාන්තාවකගේ පියයුරු පිරිපුන් වී විශාල වීමත් සිද්වන බවක් දැනෙයි.
පුරුෂයෙකුගේනම් වෘෂණ ඉදිමී සාමාන්‍යය ස්වරූපයට වඩා දැඩි බවක් ඇතිවන අතර ශිෂ්නය ප්‍රාණවත් වෙයි.
 

2.පූර්ව පිබිදීම ( Plateau )
                                                                                                                                ශාරීරික හා මානසිකව ලබන යම් යම් උත්තේජන දිගින් දිගටම පැවතීමෙන් පූර්ව පිබිදීමේ තත්ත්වයට පත්වන අතර එහිදී ඉහත පිබිදීම යන අදියර යටතේ අප සදහන් කල  වෙනස්වීම තව තවත් උත්සන්න වීමට පුළුවන.
 

3.සුරතාන්තය
සුරතාන්තය වෙනත් අයුරකින් හැදින්වුව හොත් එය ලිංගික ප්‍රතිචාර චක්‍රය උච්ච වීම ලෙස සදහන් කළ හැකිය. අප ඉහත සදහන් කල පූර්ව පිබිදීම යන අවධියේ උපරිමයේ දී ලිංගික ආතතිය හදිසි‍යේ බලවත් ලෙස මුදාහැරීමක් සිදුවෙයි. එය තත්පර කීපයක කාලයක් පුරා පමණක් පවතියි. සමහර කාන්තාවන් හට එවිට ශරීරය පුරාම පලු හට ගැනීමක් ද ඇතිවීමට ඉඩ ඇත. සමහර කාන්තාවන්ට ඒ සමගම යෝනි මාර්ගයේ තද ගතියක් ඇතිවන අතර පුරුෂයන්ට තම ශිෂ්නයේ ක්‍රමානුකූල හැකිලීම් සහ පුරුෂ ධාතු පිටවීම සිදුවේ.
 

4. නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම
ප්‍රකෘති භාවයට පත් වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ශරීරය පෙර තිබූ සාමාන්‍යය තත්ත්වයට පත් වීමය. ප්‍රකෘති තත්ත්වයට පත්වීමේදී රසායන ද්‍රව්‍යවල පිටවීමක් සිදුවන බැවින් ශරීරයට සනීපයක් දැනේ.
පුරුෂයන් ස්ත්‍රීන් තරම් ඉක්මනින් ප්‍රකෘති තත්ත්වය කරා පැමිනෙන්නේ නැත. ඒ සදහා යම් කාලයක් ඔවුනට ගත වේ. නමුත් කාන්තාවන්ගේ තත්ත්වය එය නොවේ. කාන්තාවන් ඉක්මණින්ම ප්‍රකෘති තත්ත්වයට පත්වන අතරම මේ නිසා ඔවුන්ට කීපවාරයක්ම  සුරතාන්තයට පත්වීමේ හැකියාව පවතියි.
බහුලව පවතින ලිංගික ගැටළු
පුරුෂයින්ට

  • ක්ෂණික මෝචනය
  • ශිෂ්ණය ප්‍රාණවත්වීමේ දුබලතා
ස්ත්‍රින්ට
  • යෝනි මාර්ගය හැකිලීම (vaginismus)
දෙපක්ෂය‍ටම
  • ලිංගික අවශ්‍යතාවයක් නොමැති වීම

ක්ෂණික මෝචනය
මේ වචනයෙන් අප හදුන්වන්නට උත්සහ දරන්නේ ලිංගික සම්බන්ධතාවයේ යෙදී සිටින ස්ත්‍රිය හා පුරුෂයා එයින් තෘප්තිමත් වීමට ප්‍රථම පුරුෂයාට කලින්ම ධාතු පිට වීම නිසා එම සබදතාවය අසාර්ථක වීමේ අවස්ථාවයි.
ක්ෂණිකව ධාතු පිටවීමක් ලෙස අප අරුත් දක්වන්නේ පුරුෂයා විසින් තම ශිෂ්ණය, ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ප්‍රවිෂ්ට කරවන නැතහොත් ඇතුළු කරවන අවස්ථාවේදී හෝ ඇතුළු කර සුළු වේලාවකින් ධාතු පිටවීමයි. නියත වශයෙන්ම පුරුෂ පක්ෂයේ වඩා සුලභම ලිංගික ගැටළුව බවට පත්ව ඇත්තේ මේ ක්ෂණිකව ධාතු මෝචනය වීමේ තත්ත්වයයි. මෙය තරුණ පිරිමි අතර වඩාත්ම බහුලව දැකිය හැකි අතර විශේෂයන්ම අඩු වයසේදී සිදුවන යම් ලිංගික සබදතාවයකදී මෙන්ම, ලිංගික සබදතා ආරම්භ කල මුල් කාල වලදී මෙ‍ම තත්ත්වය වැඩි වාර ගණනක් සිදුවන්නට ඉඩ ඇති දෙයකි.

ක්ෂණික මෝචනයට හේතු මොනවාද?

ඉතාම කලාතුරකින් යම් පුද්ගලයෙකුට මෙය ශාරීරික ආබාධයක් නිසා සිදුවිය හැකිය. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වීමට වඩාත් ආසන්නම හේතුව ලෙස බොහෝ විට හමු වී තිබෙන්නේ, 
  • ආතතිය
  • ලිංගික සබදතා පිළිබද මිත්‍යා මත
  • ලිංගික සබදතා පිළිබද ගැටලු
  • අඩු වයසින් ඇතිවන ලිංගික සබදතා පිළිබද අඩු පලපුරුද්ද නිසා
  • දිගට ම පවතින විට- අසාර්ථක වේ යැයි බිය

වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදී ද?

මෙය ලැජ්ජාවට හෝ බියට පත්වී සගවා තබා ගෙන මානසිකව තැවිය යුතු, වේදනාවට පත් විය යුතු තරම් දරුණු ගැටළුවක් නොව්. මෙය බොහෝ විට පිරිමින් අත් විදින සුලභ ගැටළුවක් බව සිහි තබා ගන්න. එම නිසා ඔබ කොන් වී තනි වී සිටිය යුතු නැත. ඔබ තනි වී නැත. ඊට පිළියම් ඇත. අවශ්‍යය වන්නේ ඊට යොමු වීමයි.
                                                                                                                              සාමාන්‍යයෙන් මානසික ආතතිය අවම කර ගැනීමට විවිධ සරල ක්‍රම භාවිත කිරීමට ඔබට හැකිය. බිරිද සමග පවතින සබධතාවය ශක්තිමත් කර ගැනීමට කටයුතු කිරීම හැර වැඩි යමක් කල නොහැකි මෙන්ම අනවශ්‍යය කලබලයකින් මානසිකව ඇද නොවැටී වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. නමුත් විවාහ වී, ලිංගික සබදතා පවත්වන්නට යොමු වී බොහෝ කල් ගතවීත් මේ ගැටලුව පවතියි නම් ඔබ සහ ඔබගේ බිරිද අතර සබදතාවයට නැතිනම් සහකරු හෝ සහකාරිය අතර සබදතාවයට එය අහිතකරව බලපායි නම් ඔබ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුය.
ටළුවක් නොව්. මෙය බොහෝ විට පිරිමින් අත් විදින සුලභ ගැටළුවක් බව සිහි තබා ගන්න. එම නිසා ඔබ කොන් වී තනි වී සිටිය යුතු නැත. ඔබ තනි වී නැත. ඊට පිළියම් ඇත. අවශ්‍යය වන්නේ ඊට යොමු වීමයි.
                                                                                                                              සාමාන්‍යයෙන් මානසික ආතතිය අවම කර ගැනීමට විවිධ සරල ක්‍රම භාවිත කිරීමට ඔබට හැකිය. බිරිද සමග පවතින සබධතාවය ශක්තිමත් කර ගැනීමට කටයුතු කිරීම හැර වැඩි යමක් කල නොහැකි මෙන්ම අනවශ්‍යය කලබලයකින් මානසිකව ඇද නොවැටී වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. නමුත් විවාහ වී, ලිංගික සබදතා පවත්වන්නට යොමු වී බොහෝ කල් ගතවීත් මේ ගැටලුව පවතියි නම් ඔබ සහ ඔබගේ බිරිද අතර සබදතාවයට නැතිනම් සහකරු හෝ සහකාරිය අතර සබදතාවයට එය අහිතකරව බලපායි නම් ඔබ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුය.

ප්‍රධාන ප්‍රතිකාර මොනවාද?

  • ඉහිල් වීමේ ප්‍රතිකාර
ඉහිල් වීමේ ක්‍රමවේදයන් භාවිත කිරීම තුලින් ආතතිය අවම කරගැනීමට යොමු විය හැකිය. එවැනි පියවර ගැනීම මගින් කල් තියාම මේ ගැටළුව නිසි අයුරින් විසදාගෙන සුව කර ගැනීමට හැකිය.
  • ලිංගික ප්‍රතිකාර
    • නවතා - පටන් ගැනීමේ ක්‍රමය ( stop-start method )- ලෙස හදුන්වන ක්‍රමය අපි මුලින්ම විමසා බලමු. ඔබ විසින්ම හෝ ඔබේ සහකාරියගේ සහභාගීත්වයෙන් මෙය සිදු කල යුතුයි. ධාතු පිටවීමට ආසන්න වනතුරු ඔබේ ශිෂ්ණය උත්තේජනය කරන්න. දැන් නවතා තත්පර 30-60 දක්වා කාලයක් විවේකීව සිට නැවත එය අරඔන්න. එක් වතාවකට 5-6 වාර ගණනක් මෙය සිදු කරන්න.
    • මිරිකිමේ ක්‍රමය ( squeeze technique ) ඔබ විසින්ම හෝ ඔබගේ සහකාරියගේ සහභාගීත්වයෙන් මෙය සිදුකල යුතුය. ධාතු පිටවීමට ආසන්න වනතෙක් ඔබේ ශිෂ්ණය උත්තේජනය කරන්න. මෙවර ‍ඔබ හෝ ඔබගේ සහකාරිය ශිෂ්ණ මුණ්ඩයට තරමක් පහලින් තදින් මිරිකීමක් සිදු කරන්න. ශිෂ්ණයේ යට පැත්තේ ඔබගේ මාපටැගිල්ල ශිෂ්ණ මුණ්ඩයට පහලින් ඇති නැම්මේ තබා පළමු සහ දෙවැනි ඇගිලි ශිෂ්ණයේ අනික් පැත්තේ (ශිෂ්ණයේ මුදුන සහ කද හමුවන ස්ථානයේ) තබා හොදින් මිරිකන්න. මෙම මිරිකීම නිසා ධාතු පිටවීම වැලකෙයි.
  • ඖෂධ ප්‍රතිකාර-
 සමහර විට වෛද්‍යවරුන් ආතතිය මගහැරවීම සදහා කෙටි කාලින මානසික අවපීඩනය සදහා ‍ඖෂධ ලබාදීම සිදු කරයි. නමුත් මෙම ඖෂධ භාවිතයේ දී අප්‍රසන්න අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති බව ඔබ දැන සිටිය යුතුය. මේ අවධානම නිසා ඖෂධ ලබා ගැනීමට සෑම විටම වෛද්‍යවරයකුගේ අනු දැනුම අවශ්‍යය. ඔබ ඉහත ගැටළුව සදහා ප්‍රතිකාර ලබා ගත යුත්තේ ඔබට වෛද්‍යවරයා තීරණය කල ඖශධ හා තීරණය කල මාත්‍රාවන් පමණක් බව ස්ථිර වශයෙන්ම පාවසිය යුතු වූවකි.
කොන්ඩම් භාවිතය හෝ නිර්වින්දක (ස්ප්‍රේ) වැනි ශිෂ්ණයේ උද්දීපනය අවම කරන ක්‍රම භාවිත කල හැකිය
ශිෂ්ණය සෘජුවිමේ දුබලතා ( ලිංගික බෙලහීනතාවය)

ලිංගික බෙලහීනතාවය යනු ?

පූර්ණ ලිංගික සබදතාවයක් සදහා පුරුෂ අවයවය මනා ලෙස ප්‍රාණවත් වීමක්/ ඝෘජු වීමක් අවශ්‍යය. නමුත් එසේ ලිංගික සබදතාවයක් සම්පුර්ණ කිරීමට අවශ්‍ය වන ආකාරයට ලිංගය ප්‍රාණවත් වීම සහ එම ප්‍රාණවත් බව පවත්වාගෙන යෑම දිගින් දිගටම කළ නොහැකි වීම ලිංගික බෙලහීනතාවය ලෙස අර්ථ දැක්විය හැක. මෙය වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ වැඩිහිටි පිරිමින් සම්බන්ධයෙනි

එයට හේතු වන්නේ කුමක්ද?

මෙම ගැටළුව ශාරීරික හෝ මානසික හේතු නිසා ඇතිවිය හැකි වුවත් බොහෝ විට ශාරීරික හේතු ඊට මුල්වන බව දක්නට ඇත. මෙය, යම් මාධ්‍යය හරහා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් නොවන පුද්ගලයන් විසින් තීරණය කරන ප්‍රමිතියක් නැති ඖෂධ හරහා විසදා ගන්නට යෑම ගැටළුව උග්‍ර කර වන්නට මිස විසදන්නට මගක් සලසන්නේ නැත. එබැවින් වහාම සුදුසුකම් ලත් වෛද්‍ය‍වරයෙකු හමු වී උපදෙස් පැතීම අවශ්‍යය.  
එවැනි ගැටළු මතු කරන්නට හේතුවන කායික ගැටළු රැසක්ම පවතියි.
ප්‍රධාන කායික ගැටලු වනුයේ,

  • දියවැඩියාව - ප්‍රධානතම කායික ගැටළු වලින් එකකි. මෙනිසා ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඑයි.
  • සිගරට් බීම නිසා රුධිර වාහිනිවල කොලෙස්ටරෝල් තැන්පත් වේ. එම නිසා රුධිර වාහිනී අවහිර වී ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඑයි.
  • නිරතුරුව අධික මත්පැන් පානය කිරීම - මද්‍යසාර ශිෂ්ණයේ ස්නායු මත හානිකර බලපෑම්  ඇති කරන අතර පුරුෂ හෝර්මෝන වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන අතර ස්ත්‍රි හෝර්මෝන වන ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරයි.
  • සමහර කායික රෝග සදහා ලබා ගන්නා ඹෟෂධ වර්ගවල අතුරු ආබාධයන් ලෙස - විශේෂයෙන් ම අධි රුධිර පීඩනය , හෘද රෝග, මානසික අවපීඩනය, ආමාශයේ තුවාල සහ පිළිකා සදහා පාව්චිචි කරන බෙහෙත්වල අතුරු ආබාධ ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවීම ඇතිවිය හැකය.
  • ස්නායු ආබාධ
  • ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම (උදාහරණයක් ලෙස පුරස්ථි ග්‍රන්ථියේ ශල්‍යකර්ම) ආදිය හැදින්විය හැකිය.
ප්‍රධාන මානසික ගැටලු වනුයේ
  • අඹුසැමි ගැටුම්
  • මානසික ආතතිය
  • මානසික අවපීඩනය
  • ලිංගික හැගීම් අඩුවීම
දක්නට ඇත. මෙය, යම් මාධ්‍යය හරහා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් නොවන පුද්ගලයන් විසින් තීරණය කරන ප්‍රමිතියක් නැති ඖෂධ හරහා විසදා ගන්නට යෑම ගැටළුව උග්‍ර කර වන්නට මිස විසදන්නට මගක් සලසන්නේ නැත. එබැවින් වහාම සුදුසුකම් ලත් වෛද්‍ය‍වරයෙකු හමු වී උපදෙස් පැතීම අවශ්‍යය.   එවැනි ගැටළු මතු කරන්නට හේතුවන කායික ගැටළු රැසක්ම පවතියි.
ප්‍රධාන කායික ගැටලු වනුයේ,

  • දියවැඩියාව - ප්‍රධානතම කායික ගැටළු වලින් එකකි. මෙනිසා ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඑයි.
  • සිගරට් බීම නිසා රුධිර වාහිනිවල කොලෙස්ටරෝල් තැන්පත් වේ. එම නිසා රුධිර වාහිනී අවහිර වී ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඑයි.
  • නිරතුරුව අධික මත්පැන් පානය කිරීම - මද්‍යසාර ශිෂ්ණයේ ස්නායු මත හානිකර බලපෑම්  ඇති කරන අතර පුරුෂ හෝර්මෝන වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන අතර ස්ත්‍රි හෝර්මෝන වන ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරයි.
  • සමහර කායික රෝග සදහා ලබා ගන්නා ඹෟෂධ වර්ගවල අතුරු ආබාධයන් ලෙස - විශේෂයෙන් ම අධි රුධිර පීඩනය , හෘද රෝග, මානසික අවපීඩනය, ආමාශයේ තුවාල සහ පිළිකා සදහා පාව්චිචි කරන බෙහෙත්වල අතුරු ආබාධ ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවීම ඇතිවිය හැකය.
  • ස්නායු ආබාධ
  • ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම (උදාහරණයක් ලෙස පුරස්ථි ග්‍රන්ථියේ ශල්‍යකර්ම) ආදිය හැදින්විය හැකිය.
ප්‍රධාන මානසික ගැටලු වනුයේ
  • අඹුසැමි ගැටුම්
  • මානසික ආතතිය
  • මානසික අවපීඩනය
  • ලිංගික හැගීම් අඩුවීම 

?

1.සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වා ගන්න.
2.දුම්බීම සහ මත්පැන් පානය අත්හරින්න.                                                             
3.ක්‍රමානුකූලව ව්‍යායාම් වල යෙදීම හා මේදය අඩු සමබර ආහාර වේලක් ගැනීම .
4.ඔබ දියවැඩියා රෝගියකු නම් හොදින් දියවැඩියා රෝගය පාලනය කරන්න
දුම්බීම සහ මත්පැන් පානය අත්හරින්න.                                                              3.ක්‍රමානුකූලව ව්‍යායාම් වල යෙදීම හා මේදය අඩු සමබර ආහාර වේලක් ගැනීම .
4.ඔබ දියවැඩියා රෝගියකු නම් හොදින් දියවැඩියා රෝගය පාලනය කරන්න.

ඔබ වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

ඔබට ගැටළුවක් ඇති බව දැනගත් වහාම එවැන්නක් ඇතිබව පිලිගැනීමට මුලින්ම යොමු වීම වැදගත්ය. එය, ඔබ වැනිම නිසි ආකාරයේ දැනුමක් නාමැතිව විසදීමට ඉදිරිපත්වන අය හා ඔබේ ගැටළුවට විසදුම් සෙවීමට කල් ගත නොකරන්න. මෙවැනි ගැටළුවක් පැවතීම මදිකමක් ලැජ්ජාවක් සේ නොසිතා වෙද්‍යවරයෙකු හමු වී ඔබේ තත්ත්වය සාකච්ඡා කරන්න. ඔබට දැනෙන ලිංගික බෙලහීනතාවය සදහා ප්‍රතිකාර ගැනීමට පමණක් නොව එය ඇති වන්නේ දියවැඩියාව වැනි රෝග තත්ත්වයක් නිසා නම් එය කල් ඇතිව හදුනාගෙන දියවැඩියාව පාලනය සදහා යොමු වීමටත්, ලිංගික බෙලහීනතාවයට ප්‍රතිකාර පැතීම හරහා ඹබට අවස්ථාව ලැබෙයි.
ඔබ ශාරීරිකව හෝ මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නේ නම්, එම ඹෟෂධ නිසා ඔබගේ ලිංගික ජීවිතයට බලපෑමක් ඇති වේයයි සැකයක් ඹබට දැනෙමින් පවතියි නම් එහිදීද වෛද්‍යවරයකු හමුවන්න. ලිංගික ජීවිතයට බලපෑමක් නොකරන වෙනත් ඖෂධ පවතින බැවින් ඹබේ වෛද්‍යවරයා ඒවා ඹබට ලබා දී එම ගැටළුවෙන් ඔබව නිදහස් කරනු ඇත

ප්‍රධාන ප්‍රතිකාර මොනවාද ?

  • සෞඛ්‍යමත් දිවි පෙවෙතක් ගත කරන බව තහවුරු කරන්න.
  1. දුම්පානයෙන් වලකින්න
  2. මත්පැන් පානය අඩුකරන්න.
  3. ක්‍රමාණුකුලව ව්‍යායාමිවල සහ ලිහිල්විමිවල යෙදෙන්න.
  4. සමබර ආහාර වේලක් ගන්න.
  • මානසික සහනය ලබාගැනීම-- 
ලිංගික බෙලහිනතාවයට හේතුව කුමක් වුවද , ප්‍රතිකාර ලබාගත්තද බොහෝ අයට උපදේශනයෙන් හෝ ලිංගික ප්‍රතිකර්ම වලින් වාසි ලැබේ.මෙම තත්ත්වයට හේතුව මානසික ගැටළුවක් ‍නම් හෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබේ නම් ලිංගික ප්‍රතිකර්ම විශේෂයෙන් වැදගත්වේ.
  • මුඛයෙන් ලබාගන්නා ඖෂධ -
බොන බෙහෙත් පිළිබදව උනන්දුවන අයට මෙම ඖෂධ වර්ග බොහෝමයක් දැන් ලබාගැනීමට හැකියාව පවතියි. උදාහරණ ලෙස දැක්වුව හොත් සිල්ඩෙනෆිල්, ටැඩෙලෆිල් සහ වැන්ඩෙනෆිල් යන ඹෟෂධ පෙන්වා දිය හැක. මෙම ඖෂධ බොහෝමයක ක්‍රියාකාරිත්වය වනුයේ ශිෂ්ණයේ රුධිර වාහිනි ලිහිල්  කොට එතුලට රුධිරය ගලා ඒම වැඩි කිරීමයි. ඖෂධ වර්ග වල අතුරුආබාධ පැවතිය හැකි බව ඔබ දැන සිටිනවා වන්නට පුළුවන. මේ ඖෂධ නිසා ඇතිවන අතුරුආබාධ ලෙස හිසරදය සහ මුහුණ රත් පැහැගැන්වීම දැක්විය හැක.
නමුත් නයිට්‍රේ‍ට් අඩංගු ඖෂධ පානය කරන පිරිමින් ඉහත ඖෂධ පානය නොකල යුතු බව විශේෂයෙන් සිහි තබා ගත යුතුය. මෙය හෘද රෝගීන් බොහෝ විට පානය කරන බැවිනි.
  • එන්නත් ප්‍රතිකර්ම -
සාමාන්‍යයෙන් ලිංගික බෙලහිනතාවය සදහා ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් ලෙස මේ එන්නත් ප්‍රතිකර්ම සැලකුනත් මෙය එසේ එක් වන සෑම වාරයක්ම, නැතහොත් ලිංගික සම්බන්ධතාවයක යෙදෙන හැමවිටම එන්නත ලබාගත යුතුය. ශිෂ්ණයේ රුධිර වාහිනි ලිහිල් වීම නිසා රුධිරය ගලා ඒම වැඩිවීමෙන් ශිෂ්ණය ප්‍රාණවත්වීම විනාඩි 15ක් වැනි කාලයක් ඇතුළත සිදුවේ.
  • MUSE -(ශිෂ්ණය ප්‍රාණවත්වීම සදහා මෞත්‍ර ලිංගික පද්ධතියට ඖෂධ ඇතුළු කිරීම ) -
මෙහිදි ශිෂ්ණයේ පවතින මුත්‍රා විවරය (සිදුර) තුලින් ඹෟෂධ කැටියක් මුත්‍රා මාර්ගයට ඇතුලු කරනු ලැබේ. එමගින් ශිෂ්ණයට රුධිරය ගලා ඒම වැඩි කරනු ලබයි.
  • රික්තක පොම්ප -
විනිවිද පෙනෙන ප්ලාස්ටික් සිලින්ඩරයක් තුළට ශිෂ්ණය ඇතුලු කොට ඒ තුලින් වාතය ඉවත් කරනු ලැබයි. රික්තකයක් (හිදැසක්) ඇතිවීම නිසා ශිෂ්ණය තුළට රුධිරය ගලා ඒම මගින් ශිෂ්ණය ප්‍රාණවත් වේ.
  • ශිෂ්ණ ඉම්ප්ලාන්‍ට් ක්‍රමය -
මෙය කල හැකි වන්නේ ශල්‍යකර්මයක් මගිනි. ශිෂ්ණය ඍජුව පවත්වා ගැනීමට යාන්ත්‍රික උපකරණයක් ශල්‍යකර්මයක් මගින් ශිෂ්ණයේ තැන්පත් කරනු ඇත.
  • බලපෑ හැකි රෝග තත්ත්ව සදහා ප්‍රතිකාර ලබාදීම - 
 දියවැඩියාව හොදින් පාලනය කිරීම සදහා ප්‍රතිකාර ලබා දීම

වැජිනිස්මස් යනු ?

යෝනිය ආශ්‍රිතව ඇති මාංශ පේශී ලිහිල් වීම සංසර්ගය පහසු වීමටත් වේදනා රහිත වීමටත් හේතුවකි. නමුත් ඇතැම් කාන්තාවන්ගේ යෝනිය ආශ්‍රිතව ඇති මාංශ පේශීන් තදින් හැකිලීම නිසා සංසර්ගයේ දී වේදනාව ඇතිවේ. මාංශ පේශිවල තද වීම කෙතරම් වය හැකිදැයි කිවහොත් යෝනි සිදුර සම්පූර්ණයෙන්ම වැසී ගිය කලක මෙන් ශිෂ්ණය ඇතුළු කල නොහැකි බවක් ඇතිවේ. මෙම තත්ත්වයට මුහුණ දුන් කාන්තාවන්ට
  •  ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කල නොහැකිවේ. 
  • ශිෂ්ණය ඇතුළු කිරීමේ දී සෑමවිටම වේදනාව ඇතිවේ
  • යෝනි පරික්ෂාවක් සිදුකල නොහැකිවේ.
ලිංගික සම්බන්ධතා ආරම්භ කල  මුල් අවධියේ පුරුෂ පක්ෂයට තම නුහුරු බව නිසා ක්ෂණික මෝචනය ඇති විය හැකිවාක් මෙන්ම ලිංගික සබදතා වල මුල් අවදඅයේදී තරුණ කාන්තාවන්ට මෙම තත්ත්වය බහුලව දැකිය හැක.

එයට හේතු ?

මෙයට බොහෝ කායික හෝ මානසික හේතු බලපායි,
  • මානසික ආතතිය 
  • ළමා වියේ දී අත් විදින්නට, දකින්නට වූ අප්‍රසන්න සිදුවීම්
  • වේදනා දැනේ යැයි ඇති කර ගත් බිය
  • ගර්භනීභාවය හෝ පටක තුවාල වීම
  • ලිංගිකත්වය පිළිබදව ඇති පසු තැවීම්
  • ලිංගික අතවර, අවිශ්වාසය සහ අනතුරුදායක බව වැනි අඹුසැමි ගැටළු
  • ලිංගික අතවර හො  ප්‍රචණ්ඩත්වය වැනි පීඩාකාරී බලපෑම්
වැජිනිස්මස් තත්ත්වයට සමහර විට කාන්තාවන්ගේ ශරීරයේ සාමාන්‍යයෙන් සිදුවන වෙනස්වීම්  හේතු විය හැක.
  • දරු ප්‍රසූතිය
  • හෝර්මෝන වෙනස්වීම්
  • ආර්ථවභාවය
වෙනත් වෛද්‍යමය හේතු නිසා ද වැජිනිස්මස් ඇතිවිය හැක.
  • ප්‍රජනක පද්ධතියේ හෝ ඒ ආශ්‍රිත ආසාදන
  • ලිංග්‍රාශ්‍රිත රෝග
  • ගර්භාෂය පහත්වීම  (ගැමි වහරේ දරු බොක්ක පහත් වීම)
  • පුස්වර්ග වලින් ඇතිවන ආසාදන
  • ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම (ගර්භාෂය ඉවත් කිරීම)
  • ලිංගික අතවර
  • සමහර අවස්ථාවල මේ සදහා කිසිදු හේතුවක් අනාවරණය වී නොමැත.
  • මානසික ආතතිය 
  • ළමා වියේ දී අත් විදින්නට, දකින්නට වූ අප්‍රසන්න සිදුවීම්
  • වේදනා දැනේ යැයි ඇති කර ගත් බිය
  • ගර්භනීභාවය හෝ පටක තුවාල වීම
  • ලිංගිකත්වය පිළිබදව ඇති පසු තැවීම්
  • ලිංගික අතවර, අවිශ්වාසය සහ අනතුරුදායක බව වැනි අඹුසැමි ගැටළු
  • ලිංගික අතවර හො  ප්‍රචණ්ඩත්වය වැනි පීඩාකාරී බලපෑම්
වැජිනිස්මස් තත්ත්වයට සමහර විට කාන්තාවන්ගේ ශරීරයේ සාමාන්‍යයෙන් සිදුවන වෙනස්වීම්  හේතු විය හැක.
  • දරු ප්‍රසූතිය
  • හෝර්මෝන වෙනස්වීම්
  • ආර්ථවභාවය
වෙනත් වෛද්‍යමය හේතු නිසා ද වැජිනිස්මස් ඇතිවිය හැක.
  • ප්‍රජනක පද්ධතියේ හෝ ඒ ආශ්‍රිත ආසාදන
  • ලිංග්‍රාශ්‍රිත රෝග
  • ගර්භාෂය පහත්වීම  (ගැමි වහරේ දරු බොක්ක පහත් වීම)
  • පුස්වර්ග වලින් ඇතිවන ආසාදන
  • ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම (ගර්භාෂය ඉවත් කිරීම)
  • ලිංගික අතවර
  • සමහර අවස්ථාවල මේ සදහා කිසිදු හේතුවක් අනාවරණය වී නොමැත.

ප්‍රතිකාර මොනවාද ?.

මේ සදහා ඇතැම් විට ප්‍රතිකාර ලබාන්නා අනුව ප්‍රතිකාර කල යුතුව ඇත. ශාරීරික හෝ මානසික ප්‍රතිකර්ම කිරීම සිදු කල යුතු වන්නේ පුද්ගලයා අනුවය. මේ ප්‍රතිකාර වල/ උපදේශනයේ ඉලක්කය වන්නේ බිය හෝ මානසික පීඩා ඉවත් කිරීමයි. එයින් එවැනි තත්ත්වයන්ට මුහුණ දුන් කාන්තාවන් තුළ දැකිය හැකි මානසික අවපීඩනය සහ ආත්ම විශ්වාසය අඩු බව සදහා විසදුම් ලබාගත හැකිය.
වැජිනිස්මස් සදහා සිදු කරන ශාරීරික ප්‍රතිකාර වලින්  ඇගිල්ලක් හෝ ප්ලාස්ටික් කූරක් පාවිච්චි කර යෝනි මාර්ගයෙ පේශී ඉහිල් කිරීම සිදු කරනු ලැබේ
තත්ත්වයන්ට මුහුණ දුන් කාන්තාවන් තුළ දැකිය හැකි මානසික අවපීඩනය සහ ආත්ම විශ්වාසය අඩු බව සදහා විසදුම් ලබාගත හැකිය.
වැජිනිස්මස් සදහා සිදු කරන ශාරීරික ප්‍රතිකාර වලින්  ඇගිල්ලක් හෝ ප්ලාස්ටික් කූරක් පාවිච්චි කර යෝනි මාර්ගයෙ පේශී ඉහිල් කිරීම සිදු කරනු ලැබේ.
ලිංගික ආශාව නැතිව යාම

ලිංගික ආශාව නැති වී යාම යනු ?

ලිංගික වශයෙන් තවත් අයෙකුට ආකර්ශනය වීමත් ඒ හරහා ලිංගිකමය තෘප්තියක් ලැබීමට උත්සාහයක් දැරීමත් ලිංගික ආශාව ලෙස අප හදුන්වමු. නමුත් ඔබට හෝ සහකරුවාට ගැටලුකාරි වන අයුරින් ඉහත කී ආකාරයේ ලිංගිකමය ආශාවක් නොමැති වීම සිදුවිය හැකිය. මේ නිසා සමහරවිට අඹුසැමියන් අතර ගැටළු ඇතිවේ.
උත්සාහයක් දැරීමත් ලිංගික ආශාව ලෙස අප හදුන්වමු. නමුත් ඔබට හෝ සහකරුවාට ගැටලුකාරි වන අයුරින් ඉහත කී ආකාරයේ ලිංගිකමය ආශාවක් නොමැති වීම සිදුවිය හැකිය. මේ නිසා සමහරවිට අඹුසැමියන් අතර ගැටළු ඇතිවේ.

එයට බලපාන හේතු ?

මෙයටද ඇත්තේ තනි හේතුවක් නොවේ. මීට බො‍හෝ හේතු පවතියි.
  •  සහකරු සමග ඇතිවන ගැටළු
  • සහකරු සමග සම්බන්ධ වීමට අකැමැති වීම
  • මානසික අවපීඩනය
  • අධික මහන්සිය
  • මානසික ආතතිය‍
  • ටෙස්ටො‍ස්ටෙරොන් ‍හෝර්මොන මට්ටම අඩුවීම
  • සහකරුවා සමග කිට්ටු සම්බන්ධතාවයක් නොමැතිවීම
  • සන්නිවේදන ගැටළු
  • දෙදෙනා එක්ව ගත කරන කාලය අඩුවීම
  • ලිංගික කටයුතු සදහා තද නීති සහිත වීම
  • ලිංගික කටයුතු සම්බන්ධ ආකල්ප
  • අපදා සහිත ලිංගික අත්විදීම්
  • ලෙඩ රෝග සහ සමහර ඖෂධවල බලපෑම
  • නින්ද නැති කම
  • හෝර්මෝන වල අසමතුලිත බව
  • සමහර විට විරුද්ධ පාර්ශවයේ පවිත්‍රතාවය පිලිබද ගැටළු
  • ඇතැම් අයට ඇත්තේ සිය සහකරුවාට වඩා අඩු ලිංගික අවශ්‍යතාවයක් විය හැකි අතර ඔබේ ගැටළුව ඔහු සමග එකගතාවයකට පැමිනීමට නොහැකියාව විය හැක
සහකරු සමග ඇතිවන ගැටළු
  • සහකරු සමග සම්බන්ධ වීමට අකැමැති වීම
  • මානසික අවපීඩනය
  • අධික මහන්සිය
  • මානසික ආතතිය‍
  • ටෙස්ටො‍ස්ටෙරොන් ‍හෝර්මොන මට්ටම අඩුවීම
  • සහකරුවා සමග කිට්ටු සම්බන්ධතාවයක් නොමැතිවීම
  • සන්නිවේදන ගැටළු
  • දෙදෙනා එක්ව ගත කරන කාලය අඩුවීම
  • ලිංගික කටයුතු සදහා තද නීති සහිත වීම
  • ලිංගික කටයුතු සම්බන්ධ ආකල්ප
  • අපදා සහිත ලිංගික අත්විදීම්
  • ලෙඩ රෝග සහ සමහර ඖෂධවල බලපෑම
  • නින්ද නැති කම
  • හෝර්මෝන වල අසමතුලිත බව
  • සමහර විට විරුද්ධ පාර්ශවයේ පවිත්‍රතාවය පිලිබද ගැටළු
  • ඇතැම් අයට ඇත්තේ සිය සහකරුවාට වඩා අඩු ලිංගික අවශ්‍යතාවයක් විය හැකි අතර ඔබේ ගැටළුව ඔහු සමග එකගතාවයකට පැමිනීමට නොහැකියාව විය හැක.
  • ?

    • ඔබගේ නින්ද දියුණු කරගන්න
    • ආතතිය වඩා හොදින් පාලනය කරගන්න
    • ලිංගික ජීවිතය වඩා සාර්ථකව ගත කිරීමට ක්‍රම යොදාගන්න.
    • මානසික අවපීඩනයට ප්‍රතිකාර ගන්න
    • ක්‍රමවත් ශාරිරික ක්‍රියාකාරකම් වලින් ඔබගේ ශරීර සෞඛ්‍යය මෙන්ම ලිංගික ආශාවන් ද වැඩි කරගත හැක
  • ආතතිය වඩා හොදින් පාලනය කරගන්න
  • ලිංගික ජීවිතය වඩා සාර්ථකව ගත කිරීමට ක්‍රම යොදාගන්න.
  • මානසික අවපීඩනයට ප්‍රතිකාර ගන්න
  • ක්‍රමවත් ශාරිරික ක්‍රියාකාරකම් වලින් ඔබගේ ශරීර සෞඛ්‍යය මෙන්ම ලිංගික ආශාවන් ද වැඩි කරගත හැක.
  • වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කුමන ?

    • ඔබගේ ලිංගික ආශාවන් වල අඩුකම ඔබට හා ඔබගේ සහකරු අතර සම්බන්ධතාවයේ ගැටළු ඇති කරයි නම්
    • ඔබට අධික මහන්සිය, මුහුනේ රෝම අඩුවීම, සිරුරේ රෝම අඩුවීම හෝ වැඩිවීම ,වෘෂණ කුඩාවීම වැනි ලක්ෂණ ඇති නම්
    කරයි නම්
  • ඔබට අධික මහන්සිය, මුහුනේ රෝම අඩුවීම, සිරුරේ රෝම අඩුවීම හෝ වැඩිවීම ,වෘෂණ කුඩාවීම වැනි ලක්ෂණ ඇති නම්..
  • ප්‍රධාන ප්‍රතිකර්ම මොනවාද?

    • ඔ‍බගේ සහකරු සමග සාකච්ඡා කොට ඔහුට වඩාත් ලංවීමට හැකි ලිංගික‍ නොවන මාර්ග ද දියුණු කර ගැනීම
    • දෙදෙනා සදහාම ලිංගික උපදේශනය

    Comments

    1. ඇත්තෙන්ම කියනවානම් ලිංගිකත්වය, ලිංගාශ්‍රිත රෝග, නිසරුබව වගේ දේවල් ඉතා විශාල ක්ෂේත්‍රයක විහිදුන විෂය පතයක් ලෙස දැක්විය හැකිය. නමුත් ඉතා සුලු ඉඩ ප්‍රමාණයක් තුල ඒ පිලිබද ඉතා පැහැදිලි විශ්ලේෂණයක් ලබදී ඇතිබව පැහැදිලිය.

      ලින්ගිකත්වය සම්බන්ධයෙන් ඇතිවන් ගැටලු බොහෝ විට ශරීරික මෙන්ම මානසිකද වීමට පුලුවන්. ඒකට හේතුව තමයි ලිංගික ක්‍රියාවලිය බොහෝසෙයින් මනස සමග බැදී තිබීම හා එය රහස් ආකරයෙන් පැවතීම.

      ReplyDelete

    Post a Comment