නැවත බුදුහිමි දැකීම





නැවත බුදුහිමි දැකීම

බුදුන් වහන්සේ ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ "දඹදිව" මධ්‍ය මණ්‌ඩලයේ "කිඹුල්වත්" හි "ලුම්බිනි" නම් සල් උයනේදී උපත ලද සේක්‌. එතුමා ගේ පියා කපිල වස්‌තු පුරයේ විසූ සුද්ධෝදන නම් ප්‍රාදේශීය රජෙකි. හේ ශාක්‍ය වංශිකයෙකි. මවු තොමෝ මහාමායා නම් කෝලිය වංශික කුමරියකි. කුමරුන් උපැදී නොබෝ දිනෙකින් ඇය මියයයි.
(ධර්ම සංග්‍රහය, නාරද හිමි, සම්බුද්ධ ජයන්ති සංස්‌කරණය, 1955)

සුද්ධෝදන රජ පවුලට සම්බන්ධ "කාළදේවල" නම් ධ්‍යානලාභී තවුසකු රජ මැදුරට පැමිනෙන්නේ මේ දරු උපත පිළිබඳව යම් යම් ආරංචි දැන ගැනීමෙනි. ළදරු කුමරා දකින මේ ධ්‍යාන ලාභී ඉසිවරයා සියල්ලන්ම විමැතියට පත් කරමින් බිළිදාට නමස්‌කාර කරයි. අනතුරුව හේ සිනාසී හ`ඩයි. මේ පිළිබඳව දඹදෙණි රාජධානි සමයේ ලියෑවී ඇති පූජාවලියේ මෙසේ සඳහන් වෙයි.

"කාළ දේවලයෝ දෙවියන්ගේ බස්‌ අසා තුමුද ආශ්චර්යමත්ව ඇසිල්ලකින් දෙව් ලොවින් බැස රජුගේ ගෙට ගොස්‌ පනවන ලද ආසනයෙහි පලක්‌ බැඳ උන්හ. ඉක්‌බිත්තෙන් සුද්ධෝදන රඡ්ජුරුවෝ අවුත් තාපසයන් වැඳ සිටියහ. එකල තාපසයෝ මහරජ තොපගේ දේවීන් පුතකු ලද්හයි කීහ. රඡ්ජුරුවෝ එබස්‌ අසා ගෙට දිවගෙනගොස්‌ පුතනුවන් නාවා මලින් ගඳින් සරසා ලක්‌ෂයක්‌ අගනා පලසකින් වසා ගෙනැවුත් " පුතණ්‌ඩ මේ ස්‌වාමීන් වැඳ පින්පුරා ගන්නැ'යි කිය කියා තාපසයන් කරා බෝසතුන් පැලුහ."

බෝසතුන්ගේ තේජසින් හුනස්‌නේ හිඳගත නොහී තාපසයෝ බිමට බැස පීහ. එකනෙහි බෝසතාණන්ගේ සිරිපතුල් සුං දෙක පෙරළී නැගී තාපසයන් ජටාවෙහි පෙනී මේඝකූටයෙන් පැන නැගී විදුලිය සුං දෙකක්‌ සේ විරාජමාන විය. එකල කාළ දේවලයෝ ' මේ කෙසේ වූ විස්‌මය පුරුෂයෙක්‌ දෝ හෝ අද සක්‍ර බ්‍රහ්මයෝ වූ නමුත් මා දැක වැඳ සිටිය නොහෙති මේ රජ කුමරුවා එසේ වූ මා අතින් වැදුම් ගත මෙසේ තුන්සිය අට විස්‌සක්‌ ම`ගුල් ලකුණු දැක ඒකාන්තයෙන්ම මේ උතුමා මේ ජාතියෙහිම බුදුව දම්සක්‌ දෙසාම යෑයි කියා උපන් ලකුණු තමන්ගේ වේදයෙන් දැක ප්‍රීතින් සිහි එළවා ගත නොහී පිරුණු පැන් කළයක්‌ මුහුණින් නැමූ කල බක බකයේ පැන් වැගිරෙන්නා සේ කක කකයේ සී දමා පීහ. ඉක්‌බිත්තෙන් මේ උත්තම පුරුෂයාගේ බුද්ධ ශ්‍රී දැක්‌ක හෙම්දෝ නො හෙම් දෝ දිවැසින් බලා ඒ අතුරෙහි තමන් මිය අරූපතලයෙහි උපදනා සේ දැක ශෝක කරන්නාහු බුන් කළයෙකින් පැන් වැගිරෙන්නා සේ කළුලු ධාරාවක්‌ වගුරුවා හැ`ඩූහ. අමාත්‍යයෝ මේ දැක කිමෙක හිමි තෙපි දැන්ම මහත් කොට සීපුව, සිනා කෙළවර වලපිනට පටන් ගතුව, කාරණ කිමෙක්‌ දෝ හෝයි විචාලහ. තාපසයෝ කියන්නාහු මේ කුමරුවා මතු බුදුවන සේ දැක සන්තෝෂයෙන් සිපීමි. ඔහුගේ බුද්ධ ශ්‍රී මා නොදක්‌නා සේ දැක මම් ම මා කෙරෙහි කළ කම්පාවෙන් ශෝක ගෙන හැඩීමි. (පූජාවලිය, පණ්‌ඩිත කිරිඇල්ලේ ඥණවිමල හිමි. 2004. සී.ස. ඵගෘග ගුණසේන සහ සමාගම)

බිළිඳු කුමරාට නම් තැබීම සිදුවන්නේ උපැදී පස්‌ දිනක්‌ ඇවෑමෙන් යෑයි පූජාවලිය කියයි. නම් තැබීමේ කටයුත්තට සහභාගි වන එකසිය අට දෙනා අතුරින් "රාම, ධර, ලක්‌ෂක මන්ති, භෝජ, සුයාම සුදන්ත සහ කොණ්‌ඩ`ඤ`ඤ යන අටදෙනා ගෙන් මුල් හත් දෙනාගේ අනාවැකිය වන්නේ කුමරු සක්‌විති රජ වීම හෝ බුදුවීම යන දෙකින් එකක්‌ තෝරා ගන්නා බවයි. තිර ලෙසම මේ කුමරුන් බුද්ධත්වයට පත්වන්නේය යන අනාවැකිය කියන්නේ ලා බාල කොණ්‌ඩ`ඤ`ඤ ප`ඩිවරයාය. "සිද්ධාර්ථ" යන නම කුමරුට ලැබෙන්නේ ඉදිරියේදී සිද්ධවන "ඉෂ්ඨාර්ථය" සලකාය.

සිදුහත් කුමරු වැඩෙන්නේ තම සුළු මව වූ "ප්‍රජාපතී ගෝතමිය" සෙවනේය. කුමරු පස්‌ මස්‌ ලද කල්හි සිදුවන වප්ම`ගුල් දිනයේදී යහනින් නැගී පලක්‌ බැඳ වැඩ හිඳ අනා පානා සති භාවනාව වඩා ප්‍රථම ධ්‍යාන උපදවා ගනී. මේ අසිරිය දකින පිය රජු තම පුතුට වැඳ නමස්‌කාර කරයි. (පූජාවලිය)

බමුණන් මුල් තැනක්‌ දුන්නේ පශු පාලනයටයෑ. ශුද්‍රයාට වඩා ඉහළ ගෞරවයක්‌ ගවයාට හිමි විය. එහෙත් ශාක්‍ය කෝලිය වංශිකයෝ ගොවිතැනට ප්‍රධාන තැනක්‌ දුන්හ. එය ඉතා දැහැමි අවිහිංසක වෘත්තියකි. මේ වෘත්තිය තුළ සත්ව ඝාතනය වැනි හිංසක පූජාවලට ඉඩක්‌ නොවීය. වප්ම`ගුල් සඳහා රජවරු පවා කුඹුරට බැස්‌සෝය. බ්‍රාහ්මණ සමාජයේ කිසිකලෙක එවැන්නක්‌ නොවීය.

සිදුහත් කුමරුගේ විවාහය සිදුවන්නේ දහසය වැනි වියේදීය. කුමරු අත ගන්නේ යශෝධරා නම් වූ ඇවැස්‌ස නෑනන්ඩියයි. විවාහය සිදුවන්නේ කුමරු රාජකීය ශිල්ප දැක්‌වීමෙකින් අනතුරුවය. (පූජාවලියේ කියන්නේ විවාහයෙන් පසුව මෙය සිදු වූ බවකි.)

බුද්ධ චරිතයේ විවාහය දක්‌වා වූ වසර දහසයක කාලය තුළ සිදු වූ සිද්ධි මාලාව අධ්‍යයනය කිරීමේදී ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ ඉන්දීය දේශයේ සමාජ සංස්‌කෘතික පසුබිම පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීම අතිශයින් වැදගත් වන්නේය. අවශ්‍ය වන්නේය. ඒ පිළිබඳව "වජිරාරාම වාසී නාරද" හිමියෝ මෙබඳු විවරණයක්‌ කරති.

දඹදිව වැස්‌සන් අතර නොයෙක්‌ දෙවිවරු කෙරෙහි පැවති භක්‌තිය මහති. මේ සියලු දෙවිවරුනට අග්‍රවූ, ලෝකය මැවිණැ'යි සිතන මහා බ්‍රහ්මයකු හෙවත් ඊශ්වරයෙකු කෙරෙහි දෘඩ විශ්වාසයක්‌ පැවතින. මෙකී දේව විශ්වාසය නිසා දේව ප්‍රසාදය දිනාගනු පිණිස පැවැත්විය යුතු යාග හොමාදියෙහි ඔවුහු නිරත වූහ. දේව විශ්වාසය හා මිශ්‍ර වූ මිථ්‍යාමත හා මිථ්‍යාවෘත වලින්ද අඩුවක්‌ නොවීය.

එකල සමාජයට ගැලපෙන සේ ක්‌ෂත්‍රිය, බ්‍රාහ්මන, වෛශ්‍යය, ශුද්‍ර යි ප්‍රධාන කුල හතරකට පිරිස භින්න වූවාය. දුර්වල ස්‌ත්‍රී පක්‌ෂයටද සම්බාධ ජිවිතයක්‌ ගත කරන්නට සිදු විය.

(ධර්ම සංග්‍රහය, නාරද හිමි. සම්බුද්ධ ජයන්ති සංස්‌කරණය - 1955.11.25)

ආර්යයන් භාරතය ජනවාස කළ මුල් අවධියෙහි සිටම බ්‍රාහ්මණයා ආගමික විශ්වාස උපයෝගී කර ගනිමින් සමාජ සංස්‌ථා පාලනය කිරීමට උත්සුක වූ අයුරු දක්‌නට ලැබේ. ඔවුහු දෙවිවරුන් තෘප්තිමත් කිරීම පිණිස විවිධ යාග ක්‍රම සකස්‌ කළහ.

පැරණි භාරතීය සමාජ සංස්‌ථා බ්‍රාහ්මන චින්තනයට අනුරූපව සැකැසී තිබිණ. බ්‍රාහ්මණ චින්තනය සැකැසී ඇත්තේ ඈත අතීතයට සම්බන්ධවන වේද අවස්‌ථාවන්හි සිටය. වේද සමාජයෙහි සැකැස්‌ම ඊශ්වර නිර්මාණවාදීය. බ්‍රාහ්මණයෝ වර්ණ ධර්ම, ආශ්‍රම ධර්ම, ස්‌වධර්ම, හා ආපද්ධර්ම යනුවෙන් හැඳින්වෙන සමාජයීය වර්ගීකරණයන් මගින් මේ කරුණු සමාජය තුළ ස්‌ථාපිත කළහ.

(උසස්‌ පෙළ බෞද්ධ ශිෂ්ඨාචාරය රි පළමුවන කොටස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව 2007, මුද්‍රණය.)

මෙයින් පැහැදිළි වන්නේ බුද්ධකාලීන භාරතය තුළ බ්‍රාහ්මන චින්තනයේ බලපෑම කෙතරම් ප්‍රබල අයුරින් සමාජය තුළ මුල් බැස ගෙන තිබුනේද යන්නයි. ඒ මතවාද සමාජ ව්‍යqහය තුළ කෙතරම් වියෑකී තිබුණේද යන්නයි.

බ්‍රාහ්මන චින්තනය භාරත සමාජයට එල්ල කළ දැඩි පීඩනය ආගමික මතවාදයක්‌ ලෙසින් විද දරා ගැන්මට සැමට සිදු වුවත් කිසියම් දාර්ශනික පලායාමක්‌ ලෙසින් වේදන්ත දර්ශනය බිහිවූ අන්දමද දැකිය හැකිය. උපනිශද් දර්ශනය බ්‍රාහ්මණ චින්තනයේ හා උගැන්වීම්වල සංස්‌කරණයක්‌ ලෙසින් බිහිවූවක්‌ මිස එයට අභියෝගයක්‌ ගෙනා මත වාදයක්‌ නොවීය. එය බිහිකළෝද බ්‍රාහ්මනයෝම වූහ. ඔවුහු ඊශ්වරවාදය, මැවුම් වාදය, ආදිය ගැන පමණක්‌ නොව විවිධ දේව සංකල්ප ගැනද විවිධ මත ඉදිරිපත් කළහ. විටෙක ඒවා අභියෝගාත්මක විය. එහෙත් බ්‍රාහ්මන මතවාදයන්හි සමාජමය ස්‌ථරය බිද දැමීමට වේදන්ත දර්ශනයෙන් පියවර නොගත්තා පමණක්‌ නොව එම උගැන්වීම් තහවුරු කොට ස්‌ථාපිත කිරීමට තරම් වූ මතවාද ද පණ ගැන්වූහ. බමුණෝ සදා කල්හිම වර්ණ හේදය පිළිගත්හ. කාන්තාව පුරුෂයාට වඩා දුර්වලය, පහත්ය යන මතයෙන් කිසි විටෙක ඉවත් නොවූහ. "ශුද්‍ර" යාට සමාජ අයිතිය ලබා දීමට තබා මිනිසකු ලෙසින් පිළිගත්තා ද යන්නත් සැක සහිතය. මෙයින් පේන්නේ භාරතය හින්දුස්‌ථානයක්‌ ලෙසින් ස්‌ථාපිත වූ අන්දමයි.

මේ බ්‍රාහ්මන මහාවාදයන්ට යවුල් පහර දී සිද බිඳ දැමුයේ බුදුන්වහන්සේය. උන්වහන්සේ නිර්මාණවාදය ප්‍රතික්‍ෂේප කළ අතරම දෙව් බඹුන්ගෙන් පුද පූජා ලබා දේවාතිදේව බ්‍රහ්මාති බ්‍රහ්ම නම් ලදහ. වර්ණ භේදය තදින්ම පිළිකෙව් කළ මෙතුමෝ උපාලි වැනි කපුවන් සුනීත සෝපාක වැනි කසල ශෝධකයන් තම සසුනේ මුල් තැන්වලට පත් කළහ. බමුණු සමාජයේ දැඩි පහර කෑමට ලක්‌ වු කාන්තාව ලද විමුක්‌තියේ සහ මානසික සැනසීමේ පමණ ථෙරි ගාථා වලින් වටහා ගත හැකිය.

වර්තමාන ලෝක තත්ත්වය ලෙසින් ගෙන බැලුවත් බුදුන් වහන්සේ ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ කළ පෙරළිය අදටත් විස්‌මිතයෑ, විශිෂ්ටයෑ, විප්ලවීයයෑ.

එතුමාගේ දහම "එව බලව" යන ඉතාම විවෘත පදනමක විය. එහි "දෙව් බඹ" වැනි අශ්චර්යමත් ප්‍රගුලෝ නොවූහ. "පරම සත්‍ය දැකීම" අවශ්‍ය දිරිමත් ඕනෑම කෙනෙකුට කළ හැකි විය. "මා කියන නිසාවත් පරපුරේ පැවැති නිසාවත් නොව ඔබම ඔබට වැටහෙන අයුරින් කරුණු සොයා බලා පිළිගන්නැයි" උගන්වන ශාස්‌තෘවරයෙක්‌ ලොව පහළ වූයේ නම් ඒ බුදුන් වහන්සේ පමණි. උන්වහන්සේ තුළ ගුප්ත කිසිවක්‌ නොවීය. "තුම්හෙහි කිච්චං ආතප්පං - අක්‌ඛාතාරො තථාගතා" යනුවෙන් වදාල උන්වහන්සේ ගේ දහම තුළ මෝක්‌ෂය සඳහා "යාච්`ඤ" වට ඉඩක්‌ නොවී.

බුදුන් වහන්සේ වයස තිස්‌ පහේදී බුද්ධත්වයට පැමිණි අතර අසුවෙනි වියේදී පිරිණිවි සේක. බුදු කිස අවුරුදු හතලිස්‌ පහකට සීමා විය. මේ මුළු කාලයම බමුණු දහමේ දැඩි පීඩනයෙන් අසරණයන් මුදා ගැනීමටත් බමුණු උගැන්වීම්වලට එරෙහි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමටත් එතුමාණෝ ක්‍රියා කළෝය.

බුදුන්වහන්සේගේ දහම තුළත් උන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය තුළත් ඇති මේ බ්‍රාහ්මන විරෝධයේ පදනම කිසියම් සමාජ මතවාදයක්‌ නියෝජනය කිරීමක්‌දැයි සොයා බැලිය යුතුය. සොයා බැලිය හැකිය.

"බුද්ධත්වය" පිළිබඳව බ්‍රාහ්මන දහමේ කිසිදු ප්‍රකාශයක්‌ නැත. "බ්‍රහ්මන්"හෝ "පරම ආත්මන්" එහි අවසාන විමුක්‌තියයි. විවිධ හෝම පූජා මගින් හෝ දුෂ්කර වෘත මගින් හෝ ස්‌ව විමුක්‌තිය ලබා ගත හැකි අයුරු බමුණු දහම උගන්වයි. බුද්ධත්වය පිළිබඳව අංශු මාත්‍රයක හෝ දැනීමක්‌ බමුණු දහමට නොවීය.

එහෙත් "සුද්ධෝදන" රජ මැදුරට එන "කාලදේවල" නම් ධ්‍යානලාභී තවුසා කුමරු බුදුවන බව දකී. එතුමාට ඒ ගැන කිසිදු සැකයක්‌ නොවීය. තම නැගණිය පුත් "නාලක" කුමරු අනාගත බුද්ධත්වය වෙනුවෙන් තවුස්‌ වෙස්‌ ගන්නේ කාල දේවල (අසිත) තවුසාගේ ඇණැවීමෙනි. "නාලක" තවුසාද බුදුන් වහන්සේ "දම්සක්‌ පැවතුම් සූත්‍රය" දෙසූ සත්වන දින බරනැසට පැමිණ බුදුන් හමුවේ.

i "තමන්ගේ නාලක නම් බෑනකු ඇති සේ දැක එකනෙහිම එම නුවර වසන තම නැගනියන්ගේ ගෙට ගොස්‌ පැනවූ අස්‌නේ හිඳ "නග" තොප පුතු වහා ගෙනෙව· යි කියා බෑණනුවන් කැදවා කියන්නාහු ශුද්ධෝදන රඡ්ජුරුවන්ගේ අද උපන් පුතනුවෝ පන්තිස්‌ අවුරුද්දක්‌ ගියකල ලොව්තුරා බුදුවෙති. මුළු ලෝ දුකින් මුදති. ආයුමද හෙයින් මම ඔවුන්ගේ බුද්ධ ශ්‍රී දැක්‌ක නොහෙමි. තෝ මට මාරුවේ දැන්ම ගිහිගෙන් ගොස්‌ ඔවුන් නමින් පැවිදි වව."

ii බුදුන් බුදුව බරණැස දී දම්සක්‌ දෙසූ සත්වන දා අවුදින් බුදුන් දැක නාලක නම් පිළිවෙත් උගෙන සත් මසක්‌ රූක්‌ෂ වූ පිළිවෙත් පුරා හිමාලය වනයට ගොස්‌ ගරු වූ භාවනා කොට එකෙනෙහි රහත්ව.....

(පූජාවලිය - පණ්‌ඩිත කිරිඇල්ලේ `ඤණවිමල නාහිමි. 2004. ඵගෘග ගුණසේන සහ සමාගම)

බෝසත් කුමරුට නම් තැබීම සිදුවන්නේ උපතින් පස්‌වන දින ප`ඩිවරුන් එකසිය අටකගේ සහභාගිත්වයෙනි. මෙයින් රාම, ධජ, ලක්‌ෂණ, මන්ති, භෝජ, සුයාම, සුදන්ත" යන සත් දෙන පවසන්නේ මේ පින්වත් කුමරු සක්‌විති රජ වීම හෝ බුදුවීම තිර බවය. මෙහිදී "කොණ්‌ඩ`ඤ`ඤ" නම් වයසින් බාල එහෙත් වඩා ප්‍රඥා වන්ත ප`ඩි වරයාගේ අනාවැකිය වන්නේ තිර ලෙසම බුදුවන බවයි.

මේ ප්‍රකාශ දෙකම පසුකාලීනව අතීශයින් වැදගත් කාරනාලෙස බලපාන බවක්‌ පෙනේ.

දම්සක්‌ පැවතුම් සූත්‍රයේදී මුලින්ම "සෝවාන්" ඵලයට පත්වන "කොණ්‌ඩ`ඤ`ඤ" තවුසා, නම් තබන දින බුදුවන බව තිර ලෙසම කියූ මොහුම බව පූජාවලිය පවසයි. එසේම පස්‌වග මහනුන් අතර සිටි "වප්ප" භද්දිය, මහානාම සහ අස්‌සජි යන සිවු දෙනා වහන්සේලා ද නම් තබන දින පැමිණිs "රාම ධජ" ආදී සත් දෙනාගේ දරුවෝය. ඔවුහු පැවිදිව බෝසතුන් බුදුවන තෙක්‌ම තවුස්‌ දම් පිරූහ.

මෙයින් පේන්නේ බමුණු දහමට අමතර තවත් ප්‍රබල මතවාදයක්‌ ස්‌ථාපිත වූ සමාජ ස්‌ථරයක්‌ පැවැති බවයි. ඒ බුද්ධත්වය දැන සිටි සමාජයකි. ඒ සමාජය බමුණු දහම හෝ එහි වත් පිළිවෙත් වල`ට හෝ අනුගත නොවූහ.

බෝසතුන් නම ලබන්නේ උපැදී පස්‌වන දිනයි. එහෙත් බමුණු දහම උගන්වන්නේ දස දිනකින් හෝ දොලොස්‌ දිනකින් නාම කරණය කළ යුතු බවයි.

"උපන් දස දිනෙන් හෝ දොලොස්‌ දිනෙන් ශුභ තිථියකින්, මුහුර්තියකින් හෝ නැකතකින් නාම කර්මය කළ යුතුයි."

(මනුස්‌මෘති - පරිවර්තනය පියදාස නිශ්ශංක 1991 ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ)

මෙයින් පේන්නේ බෝසතුන්ගේ නාම කරණය බ්‍රාහ්මන උගැන්වීම් නොසලකා සිදුකළ බවයි. බමුණු දහම අනුව බ්‍රහ්මන ක්‌ෂත්‍රිය වෛශ්‍ය යන කොටස්‌ තුනම "පූන නූල"පැළදිය යුතුය.

"බ්‍රාහ්මණයාගේ පූන නූල දකුණට ඇඹරූ කපු නූල් තුන් පටක්‌ද ක්‌ෂත්‍රියයාගේ හණ නූල් තුන් පටක්‌ද වෛශ්‍යයාගේ ලෝම නූල් තුන් පටක්‌ද විය යුතුය."

(මානුස්‌මෘතිය - එම)

බමුණු දහම පිළිගත් රජ පිරිසක්‌ වූයේ නම් අනිවාර්යයෙන්ම සිදුහත් කුමරාද උපනයන කර්මය කළ යුතු වෙයි. එහෙත් එවන්නක්‌ ගැන බුද්ධ චරිතයෙහි සඳහන් නොවේ.

බමුණු දහමේ උගැන්වීම් අනුව විවාහ ක්‍රම අටකි. "බ්‍රහ්ම, දෛව, Rෂි, ප්‍රජාපත්‍ය, අසුර ගාන්ධර්ව, රාක්‌ෂස සහ පෛශච" ඒ අටයි. මුල් විවාහ හතර බ්‍රාහ්මණයන්ට ද රාක්‌ෂස විවාහය ක්‌ෂත්‍රිය යන්ටද අසුර විවාහය වෛශ්‍යයන්ට සහ ශුද්‍රයන්ටද ප්‍රශස්‌තයයි `ඤණවන්තයෝ කියති.

(මනුස්‌මෘතිය - එම)

සිදුහත් කුමාරයාගේ විවාහය සිදුවන්නේ එකදා උපන් නෑනණ්‌ඩිය සම`ගය. ඒ ශිල්ප දැක්‌වීමෙකිනි. සමහර විට මෙය බමුණා දහම නො අනුදත් "ශාක්‍ය කෝලීය" සමාජ සම්මත චාරිත්‍රයක්‌ වූවා විය හැකිය.

ශාක්‍ය හා කෝලිය වංශික රජවරු "ගණ සංඝ" පාලන ක්‍රමය ගැන විශ්වාසය තැබූ අය වූහ. මහා භාරතයේ "ගණ සංඝයන් ගැන කියෑවෙන්නේ මෙසේය."

" මෙහි වාසය කරන්නෝ වාහික නම් වෙති. ඉතා පුරාණ කාලවල සිටම පහත්ම ගණයේ බ්‍රාහ්මනයෝ මෙහි වාසය කරති. ඔවුන්ට වේදය නැත. ඥානයද නැත. ඔවුහු යාග පූජා නොපවත්වති. අන්‍යයන්ගේ යාග පූජාවන්ට ආධාර කිරිමේ හැකියාවද නැත්තේ වෙති. ඔවුහු පිරිහුනු පවුකාර පහත් මිනිස්‌සුය.

(බුද්ධචරිතය - මහාචාර්ය සුචරිත ගම්ලත් - සරසවි ප්‍රකාශකයෝ 2011 තුන්වන මුද්‍රණය)

වෛදික ඇදහීම් පිළිනොපදින ජනකොටසක්‌ ගැන වේද සාහිත්‍යයේද සඳහන් වෙයි.

1. මුද්‍රවාක්‌ (වෙනත් බසක්‌ දොඩන) 2. අකර්මන් (වේද ඇදහිලි පිළි නොගන්නා) 3. අදේවසු (දෙවියන් නො අදහන) 4. අන්‍යව්‍රත රි (ව්‍රත පිළිනොපදින) යන පදයන් ගෙන් ඔවුහු අවමන් ලබති. බුදුන්වහන්සේ භාවිත භාෂාව සකු බස නොවී මාගධී වීමද සැලකිය යුතුය.

මෙයින් පේන්නේ වෛදික උගැන්වීම් ආගමික මතවාද හා වත් පිළිවෙත් ප්‍රතික්‍ෂේප කොට ඒ අයට අනන්‍ය වූ ක්‍රියා පිළිවෙත් වලට අනුගත වූ ජන සමාජයක්‌ උත්තර භාරතයේ වාසය කළ බවයි. මේ අයගේ චින්තනය නියෝජනය කරමින් වඩාත් මානුෂිකවාදී තාර්කික දහමක්‌ බුදුන් වහන්සේ දෙසූ බව පෙනේ. ඒ අය බුද්ධත්වය විශ්වාස කළ පිරිසකි. මේ ජනකොටස කවුද?

ක්‍රිස්‌තු පූර්ව 1500 ට ආසන්න වකවානුවක දී ආර්යයන් ඉන්දියාවට පිවිසියේ ගෝත්‍රික කණ්‌ඩායම් වශයෙනි.

(ඉන්දියාවේ ඉතිහාසය - ඈත අතීතයේ සිට 1206 දක්‌වා - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

සංචාරක එෙ`ඩ්ර ගෝත්‍ර වශයෙන් පැමිණි මේ අය ගොවිතැනට නැඹුරු වුයේ බොහෝ කල් ඇවෑමෙනි. ග්‍රාමීය සංචාරක ජනකොටසක්‌ වශයෙන් ඉන්දියාවට මේ අය පැමිණෙන විට ඉන්දු නිම්නයේ ඉතා දියුණු නාගරික ජනකොටසක්‌ වාසය කළහ. "රේඩියෝ කාබන් ක්‍රමයට පාත්‍ර කොට කරන ලද ඇතැම් දින වකවානු වලට අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය ක්‍රි.පූ. 2150 දී පමණ ද එහි බිඳ වැටීම ක්‍රි.පූ. 1750 පමණද සිදුවී යයි දැනට පිළිගෙන ඇත." (ඉන්දියාවේ ඉතිහාසය එම)

ස. යුද්ධ ගෝත්‍ර අතර අරගල වලට පමණක්‌ සීමා නොවීය. ආර්යයෝ උතුරු ඉන්දියාවේ දේශීය ජනයා ගැටුණෝය. භූමි පුත්‍රයන් කෙරෙහි ආර්යයෝ පිළිකුල් සහගත හැගීමක්‌ දැක්‌වූහ. ආර්යයන් පැමිණියේ අර්ධ සංචාරක ගව පල්ලන් ලෙසිනි. ප්‍රධාන වශයෙන් ïවත් වූයේ පශු නිෂ්පාදන වහල් කොට ගෙනය.

ii. හරප්පා වැසියන්ට ලේඛන ක්‍රමයක්‌ තිබුණ නමුත් ආර්යයන්ට බොහෝ කල්ගත වන තුරුම එවැන්නක්‌ නොවීය.

(බුද්ධචරිතය. එම)

ඉතා දියුණු නාගරික ශිෂ්ටාචාරයක්‌ වූ ඉන්දු නිම්න වැසියන්ට ආර්ය එෙ`ඩ්ර ජනතාව විසින් පහරදී විනාශ කරන ලදහයි එක්‌ මතයෙකි.

මේ මතය පිළිගන්නේ නම් සියලු ඉන්දු නිම්න වැසියන්ම මේ ප්‍රහාරයන්ට ලක්‌ව විනාශ වන්ට ඇතැයි සිතිය නොහැකිය. (බටහිර ඉතිහාසයඥයන්ගේ පිළිවෙත එසේ සිතා ඒ යුගය ලොප් කර දැමීමය) ඉන්දු නිම්නයේ වැසියෝ ආක්‍රමනික සංචාරක එෙ`ඩ්ර ගෝත්‍රවලට ඉඩහැර තම තමන්ගේ කුඩා සමාජ සංස්‌ථා පවත්වන්නට ඇත. ඒවා රැක ගනිමින් වැඩි දියුණු කරන්නටද ඇත. "ගණ සංඝ" පාලන රටාව බිහිවන්නට ඇත්තේ මේ පැරණි ඉන්දීය භූමි පුත්‍රයන් ගෙන් විය හැකිය. ඔවුහු බ්‍රාහ්මන පාලන විධි නොපිළි ගත්තෝය."

ගණ සංඝයක ආවේනික ලක්‌ෂණයක්‌ වුයේ තම වංශ චිහ්නය (වංශ සලකුණු) වූ වෘක්‌ෂයකට වන්දනාමාන කිරීමයි. එබදු ගස්‌ සහිත උයන් විය. ඒ උයන් වටා ශුද්ධ වූ ප්‍රාකාරය. මෙලෙස ශාක්‍යයන්ගේ වංශ චිහ්නය සල් ගස්‌ ද කෝලිය යන්ගේ වංශ චිහ්නය කෝල ගසද විය. සිදුහත් කුමරුන් උපන්නේද බුද්ධත්වයට පෙර දිවා කාලය ගත කළේද පිරිනිවන් පෑවේද සල් වනයක සල් උයනක සාල වනයක බව මෙනෙහි කළ මනාය.

(බුද්ධ චරිතය - එම)

ආක්‍රමණකාරී ආර්යයන් උතුරු ඉන්දියාව පුරා බලවත්ව ශක්‌තිමත්ව තම පැවතුම් හා දහම ව්‍යාප්ත කරද්දී බුදුන් වහන්සේ එහි අසාධාරණයන්ට විරුද්ධව නැගී සිටි සේක දම් දෙසූ සේක. නායකත්වය දුන් සේක උන්වහන්සේ බිහිවූයේ බුද්ධත්වය දැනසිටි එය පිළිගත් සමාජයකය. මේ මතවාද නියෝජනය කළ සමාජ ව්‍යqහයක්‌ විය. ඔවුහු ආර්ය බමුනෝ නොවූහ. ඒ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය උරුම කරගත් ඉන්දීය භූමි පුත්‍රයෝය. ආදී ඉන්දීය මුල් පදිංචි කරුවෝය.

'ශාක්‍ය කෝලිය' වරු සිදුහත් කුමරු චක්‍රවර්තී රජු වනු දැක්‌මට වැඩි කැමැත්තක්‌ දැක්‌වූහ. ඒ ආක්‍රමණකාරී ආර්යයන්ගේ බලය මැඩීමට හැබෑ ශක්‌තියක්‌ තම පරපුරින් බිහිවනු දැක්‌ම පැතූ නිසාය. ඔවුන්ගේ ඒ පැතුම සුන්වී "කාල දේවල" අනාවැකිය මල් ඵල ගැනිණ.

එහෙත් බමුණන් බුදු මග තම ආක්‍රමණකාරී බිම තුළ වැඩි කලක්‌ පැවැත්මට ඉඩ හළේ නැත.

Comments