පෙඩ්රෝ තේ කෝප්පය පන්දාහයි

දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් සපිරීම සැමරීම සඳහා ලන්ඩනයේ ද ඊස්ට් ඉන්ඩියා සමාගම විශේෂ තේ වර්ගයක් හඳුන්වාදෙයි. රැුජිනගේ සැමියා වන පිලිප් කුමාරයා 1954 දී නුවරඑළියේ පෙඩ්රෝ වත්තේ සිටැවූ තේ පැළයකින් නෙළාගත් දලූවලින් මේ තේ වර්ගය නිෂ්පාදනය කැර ඇත.
අතින් වියූ පුංචි පෙට්ටියක ඇසිරූ ග‍්‍රෑම් 60ක තේ බඳුනක් පවුම් 75ක් හෙවත් රුපියල් 15000කි. තේ කෝප්පයක මිල පවුම් 25කි. (රුපියල් 5000කි) මේ විශේෂ තේ වර්ගයේ දල්ල දිගය. එහි අග රන් හා රිදී පැහැයෙන් යුක්තය.
ප‍්‍රණීත රසයක් ගෙන දෙන මේ තේ යාන්තමින් පැණි රසය. උගුරට සිනිඳුය.







උපුටා ගැනිම ලංකාදිප පුවත්පත

Comments