ඉන්දියාව කැළැඹූ කැනේඩියානු සුරූපිනිය සනී ලියොන්

ඉන්දියාව කැළැඹූ කැනේඩියානු සුරූපිනිය සනී ලියොන්

 
මීට සතියකට පමණ පෙර, ඉන්දියාවේ මුම්බායි නුවරදී 23 හැවිරිදි ඡුායාරූප මාධ්‍යවේදිනියක සමූහ දුෂණයට ලක්විණි. එම අපරාධය කළ සිව්දෙනා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, රෝහල් ගත කළ තරුණියගේ තත්ත්වය යහපත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදා, මුම්බායි නුවරදී සරසවි සිසුවියක ඉතා කුරිරු ආකාරයට සමූහ දුෂණයට ලක්වීමත්, පසුව ඇය මිය යෑමේ සිදුවීමෙනුත් පසු, ඡායාරූප මාධ්‍යවේදිනිය සමූහ දුෂණයට ලක්වීම, යළිත් වරක් ඉන්දියාව කැළැඹීමට සමත් විය.







ඉන්දියාවේ මේ අයුරින් ස්තී‍්‍ර දුෂණ ඉහළ යෑම කනගාටුවට කරුණක් බවත් එවැනි දේ සිදුනොවීමට වගබලා ගත යුතු බවත් බොලිවුඞ් සුපිරි නළු අමිතාබ් බච්චන් ඉතා හැඟීම්බරව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවකදී කීවේය. රටේ කාන්තාවන් ආරක්ෂා කිරීමට ඉන්දීය මධ්‍යම රජයට නොහැකි යැයි යළිත් වරක් චෝදනා එල්ල වන්නට විය.

ඉකුත් වසරේ සරසවි සිසුවිය සමූහ දුෂණයට ලක් වූ අවස්ථාවේදී, ඉන්දීය සමාජය පිරිහීමට හේතුව ඇතැම් බොලිවුඞ් සිනමා නිර්මාණ යැයි ද චෝදනා නැගෙන්නට විය. ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගත් බොලිවුඞ් චිත‍්‍රපටයක් වූයේ ‘ජිසම් 2’ ය. ‘ජිසම් 2’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කළ නිළිය සනී ලියොන්ට ද දොස් අහන්න සිදුවිය. සනී ලියොන් ඉන්දියාවට ගෙන්වා ගැනීම අනුවණ කි‍්‍රයාවකැයි ඇතැම්හු චෝදනා කරන්න වූහ.
ඉන්දීය සම්භවයක් සහිත සනී ලියොන් යනු කැනේඩියානු ජාතික ‘නිල් චිත‍්‍රපට’ නිළියකි. අද ඇය බොලිවුඞ් නිළියක ලෙස ප‍්‍රසිද්ධියට පත් වී සිටියත් ඇය ලොව කාගේත් අවධානය දිනා ගත්තේ නිල් චිත‍්‍රපට සුරූපිනියක ලෙසිනි. එක රැයින් ඉන්දියාව කැළැඹීමට සමත් වූ ඇය, ඉන්දීය දේශපාලන කරළියේ ද කතාබහට ද ලක් වූ තැනැත්තික වූවාය.

සනී ලියොන් උපන්නේ කරන්ජිත් කෝර් වොහ්රා යන නමිනි. ඒ, 1981 වසරේ මැයි 13 වැනිදා ය. ඇය උපත ලැබුවේ කැනඩාවේ ඔන්ටාරියෝ නුවරදීය. ඇගේ මවත් පියාත් කැනඩාවේ පදිංචියට ගොස් සිටි සීක් යුවළකි. සනීගේ පියා ටිබෙට් ජාතිකයකු වන අතර ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර පදිංචිව සිට පසුව කැනඩාවට ආ අයෙකි. සනී ලියොන්ගේ මව ඉන්දියාවේ හිමාචල් ප‍්‍රාන්තයේ සර්මූර් නුවර උපත ලැබූ තැනැත්තියකි. මේ වනවිට මොවුන් දෙදෙනාම ජීවතුන් අතර නැත.

සීක් පවුලක දැරියක වුවත් සනී අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකිනි. කුඩා කාලයේ සිටම ඇය දඟකාරය. කී‍්‍රඩාවට දක්ෂය. හොකී, බාස්කට් බෝල් ඒ අතරින් කැපී පෙනෙයි. ඇය සෙල්ලම් කිරීමට පි‍්‍රය කළේ ඇගේ වයසේ කෙල්ලන් සමඟ නොව කොල්ලන් සමඟය.

උසස් අධ්‍යාපනය අවසන් කර, උපාධිධාරිණියක ලෙස සනී සරසවියෙන් පිටවූයේ 1999 වසරේදීය. ඒ වනවිට ඇයට පෙම්වතුන් කිහිප දෙනකු සිටි බව ඇය පසු කලෙකදී කියා තිබුණි. ඇගේ පළමු පෙම්වතා ඇයට හමුවී ඇත්තේ වයස අවුරුදු 16 දී බවත් ඔහු ඇය අධ්‍යාපනය ලැබූ පාසලේ පැසිපන්දු කී‍්‍රඩකයකු බවත් ඇය වරෙක පවසා තිබුණි.







සනී ලියොන්ට නිරූපිකාවක හෝ නිළියක හෝ වීමේ ආසාවක් තිබුණේ නැත. ගිණුම් අංශයෙන් ඇය දස්කම් දැක් වූ නිසා ඇය ගිණුම් ආයතනයකත් පසුව බේකරියකත් සේවයට ගියාය. ඒ, 2000 වසරේදීය. එම වසර අවසානයේදී, ඇය හෙදියක් වීමේ අපේක්ෂාවෙන් හෙද පාඨමාලාවක් හැදෑරීම ආරම්භ කළාය.
හෙදියක් වීමට පුහුණු වෙද්දී ඇයට හමුවුණු යෙහෙළියක ඇය ජෝන් ස්ටීවන්ස් නමැති නිරූපණ ශිල්පීන් සැපැයීමේ ආයතනයක ඒජන්තවරයකුට හඳුන්වා දුන්නාය. සුරූපිනියක වූ නිසාත් මනබඳනා සිරුරකට හිමිකම් කී නිසාත්, සනී ලියොන්ට නිරූපිකාවක වීමට අවස්ථාවක් උදා විය.

සනී ලියොන් නිරූපිකාවක ලෙස කැනඩාවේ ප‍්‍රසිද්ධියට පත් වූයේ 2001 වසර මැද සිටය. 2002 වසර අවසන් වෙද්දී ඇය ලෝ පුරා ප‍්‍රසිද්ධ නිරූපිකාවක් වූවාය. ඒ වනවිට ඇගේ අසැබි වීඩියෝ පට සියයකට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රසිද්ධියට පත් වී තිබුණි.

කැනඩාවේ පදිංචි වී සිටියත් තමා ඉන්දියානුවකු යැයි පැවැසීමට සනී ලියොන් පි‍්‍රය කළාය. ඇය එසේ කීවේ ඉමහත් ආඩම්බරයෙනි. ඇය ඉන්දියාවට යෑමට ආශා කළත්, ඒ සඳහා ඇයට අවස්ථාවක් උදා වූයේ නැත. ඉන්දියාවට ඒමට සනීට අවස්ථාව උදා වූයේ 2011 වසරේදීය. මේ වනවිට ඇය විවාහක කාන්තාවක ද වූවාය. ඇය ඉන්දියාවට පැමිණියේ සැමියා ඩැනියෙල් වෙබර් ද සමඟය.

ඇය ඉන්දියාවට පැමිණියේ විශේෂ ආරාධනාවකිනි. ඒ, කලර්ස් නැමැති ඉන්දීය රූපවාහිනී නාළිකාව නිෂ්පාදනය කළ, 2011 වසරේ දී තිරගත වූ ‘බිග් බොස්’ රියැලිටි වැඩසටහන් මාලාවට සම්බන්ධවීමටය. ඒ වනවිට මුළු ලොව පමණක් නොව, ඉන්දියානුවන් ද දැන සිටියේ සනී ලියොන් බ්ලූ ෆිල්ම් නිළියක එසේත් නැතිනම් නිල් චිත‍්‍රපට නිළියක ලෙසය. ‘බිග් බොස්’ වැඩසටහනේ මෙහෙයවීම් කළේ බොලිවුඞ් නළු සන්ජේ දත් ය.

සනී ලියොන් එම රියැලිටි වැඩසටහනට සම්බන්ධවීමත් සමඟ, එම වැඩසටහන එක රැයින් අතිශයින් ජනපි‍්‍රය විය. සනී ලියොන් ගැන මුළු ඉන්දියාවම කතා කරන්න පටන් ගත්තේ ඒ අනුවය. මේ අතර නිල් චිත‍්‍රපට නිළියක ‘බිග් බොස්’ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම බොහෝදෙනාගේ විරෝධයට ද හේතුවක් විය. ඉන්දීය තොරතුරු තාක්ෂණ සහ විකාශන අමත්‍යාංශයට දිගට හරහට පැමිණිලි ලැබෙන්න විය. ඉන්දීය පාර්ලිමේන්තුවේදී පවා සනී ලියොන් ගැන වාද විවාද ඇති විය.

‘බිග් බොස්’ වැඩසටහට සම්බන්ධ වී සිටිද්දී, ජනපි‍්‍රය මෙන්ම සම්මානනීය බොලිවුඞ් අධ්‍යක්ෂකවරයකු වන මහේෂ් භාත්, සනී හමුවීමට පැමිණියේය. ඔහු සනීට ඇරැුයුමක් ද කළාය. ඒ, ‘ජිසම්’ චිත‍්‍රපටයේ දෙවැනි කොටසේ ප‍්‍රධාන නිළිය ලෙස රඟපෑමට එක් වන ලෙසටය. ඇය එක පයින් එම ආරාධනාව පිළිගත්තාය. මේ වනවිට සනී ලියොන් බටහිර චිත‍්‍රපට කිහිපයක සුළු චරිතවලට සම්බන්ධ වී තිබුණි. ඒ අනුව රංගනය ඇයට අලූත් දෙයක් නොවිණි.

‘ජිසම් 2’ චිත‍්‍රපටයේ ඇය සරාගී චරිතයකට පණ පෙව්වාය. ඇගේ අඩ නිරුවත් ඡුායාරූප රැගත් පෝස්ටර චිත‍්‍රපටය එළිදැක්වීමට පෙර සිට, පමණ ඉක්මවා විශාල ප‍්‍රසිද්ධියක් ලබා ගෙන දුන්නේය. ජිසම් 2 චිත‍්‍රපටයේ රූගත කිරීම් ශී‍්‍ර ලංකාවේදී ද සිදුවූ අතර සනී ලියොන් මෙරටට ද පැමිණියාය. ඇය මෙරටට පැමිණියේ ද ඇගේ සැමියා සමඟය.

ජිසම් 2 චිත‍්‍රපටය සාර්ථක නොවුණු නමුත් එය සනී ලියොන් බොලිවුඞ් නිළියක කිරීමට සමත් වූවාය. බොහෝ තරුණයන් චිත‍්‍රපටය නැරැඹුවේ සනීගේ අඩ නිරුවත් සිරුර දැකීමේ ආසාවෙන් යැයි ද ඉන්දීය සිනමා විචාරකයෝ පැවැසූහ.

2006 වසරේ දී, සනී ලියොන්ට කැනඩාවේ පමණක් නොව ඇමෙරිකාවේ ද පුරවැසිභාවය හිමිවිය. කෙසේ නමුත් ඇය වැඩිපුර පි‍්‍රය කළේ කැනඩාවේ වාසය කිරීමටය. ‘ජිසම් 2’ චිත‍්‍රපටය තිරගතවීමත් සමඟ 2012 වසරේ අපේ‍්‍රල් 14 වැනිදා, බොලිවුඞ් සිනමාවට පිවිසෙමින් සනී ලියොන් ෆිල්ම්ෆෙයාර් සඟරාවට කියා තිබුණේ, ඇය දැන් ඉන්දියාවේ පදිංචිකාරියක කියාය.







ඉන්දියාවේ ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රෙස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය කියා හිටියේ කුමන රටේ සිටියත් ඇය සැමදාම ඉන්දියානුවකු කියා ය. ඊට හේතුව ඇගේ මව සැබෑ ඉන්දියානුවක යැයි ඇය පැහැදිලි කර තිබුණි.

විවේකීව සිටිද්දී, චිත‍්‍ර ඇඳීම, අශ්වයන් පිට යෑම, පොත් කියැවීම, පරිගණක කී‍්‍රඩා කිරීම, සිම්ප්සන්ස් කාටූන් කතා මාලාව සහ ඩිස්කවරි නාළිකාව නැරැුඹීමට තමා පි‍්‍රය කරන බව සනී පවසා ඇත.

කැලිෆෝනියාවේ කාන්තා පා පන්දු කී‍්‍රඩා සමාජයක සාමාජිකාවක ද වන ඇය හැකි සෑම අවස්ථාවකදීම පා පන්දු කී‍්‍රඩා කිරීමට ද කැමැත්තක් දක්වන්නීය. නිවාඩු ගත කිරීමට ඇය සෑම විටම තෝරා ගන්නේ හවායි දුපතේ නිවාඩු නිකේතනය. ඇගේ පි‍්‍රයතම කෑම වර්ගය ඉතාලි කෑම වට්ටෝරුය.

‘ජිසම් 2’ චිත‍්‍රපටයෙන් පසු, සනී ලියොන්ගේ දෙවැනි බොලිවුඞ් චිත‍්‍රපටය වූයේ ‘ෂූට් අවුට් ඇට් වඩාලා’ චිත‍්‍රපටයයි. මේ වසරේ ඔත්තෝබරයේ තිරගත වීමට නියමිත ‘රාගිනී එම්.එම්.එස්’ චිත‍්‍රපටයටත් ‘ජැක්පොට්’ චිත‍්‍රපටයටත් ඇය රංගනයෙන් එක් වී සිටින්නීය.

Comments

  1. ලාකිකයන් වෙනුවෙන් වැදගත් මෙහෙයක් කරන ඔයාට ගොඩක් ස්තූතියි. බොහෝ දෙනෙක් මේ සයිට් එක පරිශීලනය කළත් කොමෙන්ට් එකක් දාලා යන්න හිතන්නේ නැහැ. ඒ ඇයිද කියන්න මම දන්නේ නැහැ. අපි මේ වගේ අයව අගය කළ යුතු වෙනවා. දෛර්යමත් කළයුතු වෙනවා .

    ReplyDelete
  2. ෙබාෙහාම ස්තුතියි යාලුවා

    ReplyDelete
  3. Oyanam maarama kenek...niyamai man suba pathanawa oya good luck... oyata godaaa..k pin

    ReplyDelete

Post a Comment