කැනඩාවේ නයගරා ඇල්ල මිදී ගොස්


අධි ශීත කාලගුණය නිසා මෙම වසරේ මේ දක්වා දෙවන වතාවටත් කැනඩාවේ නයගරා ඇල්ල සම්පූර්ණයෙන්ම මිදී ගොස් තිබේ.
ලොව අලංකාර මෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටින නයගරා ඇල්ලෙන් කඩා හැලෙන ජල ප‍්‍රමාණය තත්පරයකට ලීටර ලක්ෂ 6 කට ආසන්නය.දැන් ඒ මහා ජල කද තිබෙනුයේ මිදී ගල්වී ඇත.
මිදුණු ජල කඳ අනේක වර්ණ විදුලි පහන් වලින් ආලෝකමත් කිරීමට බළධාරීන් කටයුතු කර ඇති අතර එය මනරම් දසුනක් මවා පායි.
ඇමරිකාවේ නැගෙනහිර ප‍්‍රදේශය කේන්ද්‍රකොට ගනිමින් උද්ගතවී තිබෙන හිම කුණාටු තත්ත්වයක් මෙසේ අධි ශීත කාලගුණයක් ඇති කිරීමට හේතු වී ඇතැයි සදහන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ අගයක් දක්වා පහත වැටී ඇත.







 

Comments