ඩයිනෝසරයන් පරිනාමය වෙමින් නූතන කුරුල්ලන් බිහි වී ඇතැයි පර්යේෂකයන් පිරිසක් පවසති.


අදින් වසර කොටි පහකට පමණ පෙරාතුව මිහිතලයේ සිටි යෝද ඩයිනෝසරයන් පරිනාමය වෙමින් නූතන කුරුල්ලන් බිහි වී ඇතැයි පර්යේෂකයන් පිරිසක් පවසති.
ඔවුන් කියා සිටින්නේ වර්තමාන ලෝකයේ දැකිය හැකි පක්ෂීන් ඩයිනෝසර පරිනාමයේ සජීවී සංකේතයක් බවයි.
වසර කෝටි 22 ට පෙරාතුව මිහිතලයේ සිටි දැවැන්ත ඩයිනෝසරයන් ඉන් වසර කෝටි 17 කට පසුව කුඩා සිරුරු දක්වා පරිනාමය විමෙ ආරම්භ වී ඇතැයි ඔවුන් පවසයි. ඒ අනුව පසුගිය කෝටි පහක කාලයේ දී දැවැන්තයන් හමිං බර්ඩ් වැනි කුඩා කුරුල්ලන් දක්වා ම පරිනාමය වී ඇති බව පැවසේ.
කුරුල්ලන්ගේ මුත්තා තෙරෝපොඩිස් නම් ඩයිනෝසරයෙක් බවත් ඔවුන්ගේ සිරුර ක්‍රමයෙන් කුඩා වෙමින් වත්මන් කුරුල්ලා දක්වා පැමිණි ගමන් මග ඩයිනෝසර පරිනාම ගසෙන් මනාව පිළිබිඹු වන බවත් ඔවුහු කියති.
ඔවුන් පවසන්නේ මෙය අසම්භාව්‍ය පරිනාමයක් බවයි. ඩයිනෝසරයන් රාශියක් මිහිමත සැරිසරන යුගයේ සිටි තෙරෝපෝඩා කණ්ඩයට අයත් මාංශ භක්ෂක කානිවෝරස්, ටයිරනෝසෝස්, වෙලාසිරැප්ටර් සහ ස්පිනෝසෝරස් ඇතුළු ජීවී විශේෂ කුරුල්ලන් ලෙස පරිනාමය වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි.
එසේ පරිනාමය වීමේ දී සිරුරේ පිහාටු ඇතිවීම, අත්තටු විකසනය වීම හා පපු අස්ථිය වෙනස්වී ඇතැයි ද පර්යේෂකයෝ කියති.
කුරුල්ලන් බවට පත්වූ ඩයිනෝසරයන් අනෙක් ඩයිනෝසරයන්ට වඩා වේගයෙන් පරිනාමය වි ඇතැයි පාෂාණිභූතවිද්‍යා ආචාර්ය ඩැරන් නේෂ් පවසයි.
ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලය, රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරය සහ සවුතම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් ඩයිනෝසර අස්ථි පද්ධති 426ක්  විශ්ලේෂණය කරමින් මේ පරීක්ෂණය සිදුකැර ඇත.
Dinos (4)
ඩයිනෝසරයන්ගේ පරිනාමීය ගස
Dinos (3)
අතීතයේ විසූ තොරෝපෝඩිස් ඩයිනෝසරයකුගේ අස්ථි පද්ධතියක්
Dinos (5)
කුරැල්ලකු ලෙස අත්තටු හා පිහාටු සහිතව වර්ධනය වූ ආකියෝප්ටෙරිස් නමැති ඩයිනෝසරයාගේ පොසිලය. කිලෝ ග්‍රෑමයක් පමණ බරැති සත්ත්වයකු යැයි සැළකේ.
Dinos (8)
එම ඩයිනෝසරයාගේ මනඃකල්පිත සිතුවමක්
Dinos (6)
ඩයිනෝසරයන් කුරුල්ලන් ලෙස වෙනස් වී ගිය අයුරු
Dinos (2)
විවිධ ඩයිනෝසරයන් කුරුල්ලන් හා සසඳමින් සිතුවම් කැර ඇති ආකාරය
Dinos (9)
තොරෝපෝඩිස් වර්ගයේ ඩයිනෝසරයකු හා නූතන කුරුල්ලකු සංසන්ධනය කරමින් 
Dinos (7)
තොරෝපෝඩිස් වර්ගයේ ඩයිනෝසරයකුගේ දතක් හා හමිංබර්ඩ් කුරුල්ලකු සන්සන්දනය කරමින්

Comments