ඉර එළියෙන් සිතුවම් අඳී


පින්සල වෙනුවට කාචයකුත්, වර්ණ වෙනුවට හිරු එළියත්, පුවරුව වෙනුවට ලෑල්ලකුත් යොදාගෙන අපූරු සිතුවම් මවන්නෙකි පිලිපීන ජාතික ජොර්ඩන් මන්ග් ඕසන්.
සාම්ප්‍රදායික සිතුවම් ඇදීමේ කලාවෙන් බැහැර ඔහුගේ සිතුවම් නිර්මාණය කිරීමට මාස ගණන් ගතවේ. නමුත් ඒවා හා සමකළ හැකි කිසිත් නොමැත.
මුලින්ම ඇදීමට යන සිතුවම ලී පුවරුව මත දළ වශයෙන් සටහන් කරන ජොර්ඩන් අනතුරුව කාචයෙන් හිරු එළිය එම සටහන් මතට නාභිගත කරවමින් ලී පුවරුව ක්‍රමානුකූලව පුළුස්සයි. මෙයට මනා සංයමයක් මෙන්ම දක්ෂතාවක් අවැසි බව නොකිවමනාය.
පුළුස්සා අවසන්වූ පසු පුවරුව මත ඇත්තේ  සිත වසඟ කරවන සිතුවමකි.
දුප්පත් කම කරපින්නාගෙන පැමිණ තිබෙන ජොර්ඩන් අද ඔහුගේ දස්කම් නිසා ඉහළට පැමිණ සිටින්නෙකි. චිත්‍ර කලාවට උපන් හපනෙක් වන ඔහු සියලූම ආකාරයේ සිතුවම් ඇඳීමේ කලාවන් ප්‍රගුණ කර ඇත්තෙකි.
නමුත් වැඩි කැමැත්ත ඇත්තේ මෙසේ පරිසරයෙන්ම සපයා ගත හැකි දේ භාවිතා කර සිතුවම් ඇඳීමට බව ඔහු කියයි.
Jordan-Mang-osan3-550x346 Jordan-Mang-osan4-550x412 Jordan-Mang-osan5-550x411 Jordan-Mang-osan6-550x412 Jordan-Mang-osan7-550x309

Comments