ඉන්දියන් සාගරයේ දූපතක ගල් යුගයේ මිනිස්සු 1


ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍රික පිරිසක් සිටින බව විදෙස් මාද්‍ය ප්‍රකාශ කරයි. කොරල්පරවලින් වටවූ මේ දූපත යාත්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොවන බැවින් එය වසර 60,000ක පමණ කාලයක සිට හුදකලා වූ දූපතක් බව පර්යේෂකයෝ කියති.
වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාල මේ දූපතේ සිටින ගෝත්‍රිකයන් සෙන්ටිනෙල්ස් නමින් හඳුන්වයි. නව ශිලා යුගයේ සිටි මිනිසුන්ට සමාන හැසිරීමක් හා ජීවන රටාවක් ඔවුන් පෙන්වන බවත් දූපතේ ගෝත්‍රිකයන් 400ක් පමණ සිටින බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නෝ කියති.
ඔවුන් බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් පවත්වන්නේ නැත. මාධ්‍ය වාර්තා අනුව 2006 ජනවාරි මස 26 දින සෙන්ටිනල් දූපත අසළ කකුළුන් ඇල්ලීමට ගිය ධීවරයන් පිරිසක් ගෝත්‍රිකයන්ට කොටුවූ බවට ලැබුණු තොරතුරකට අනුව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හෙලිකොප්ටරයක් එහි ගියේය.
හෙලිකොප්ටරය පහතින් පියාසර කරමින් ගෝත්‍රිකයන්ට හසු වූ ධීවරයන් සොයා ගැනීමට උත්සාහ ගන්නා විට හෙලිකොප්ටරයට ඊතල හා හිරිගල් කැට ප්‍රහාරයක් එල්ල විය. එදා ධීවරයන් බේරාගැනීමට ගිය වෙරළාරක්ෂකයන් පසුව දැනුම් දී ඇත්තේ ධීවරයන් මේ ගෝත්‍රික පිරිමි ජනයාගේ කුසට ආහාරයක් වන්නට ඇති බවයි.
අතීතයේ පැවති ගල් යුගයේ මිනිසුන් වැනි ගෝත්‍රිකයන් දැක බලා ගැනීමට සංචාරකයන් එහි යාමට උනන්දුවක් දැක්වුව ද ආගන්තුකයන්ට ගල් ගසා හෝ ඊතලයෙන් විද මරා දැමීමට උත්සාහ ගන්නා මේ හුදකලා ගෝත්‍රිකයන්  දක්නට යාම පවා බිහිසුණු බව ඉන්දීය වෙරළාරක්ෂකයෝ කියති

.


27CB4A8000000578-3049022-This_satellite_image_shows_the_untouched_North_Sentinel_Island_w-a-21_1429631756822 27D8D2B200000578-3049022-image-a-5_1429687103227
27D0056500000578-3049022-Sentinelese_tribespeople_gather_on_the_shore_of_North_Sentinel_I-a-20_1429631756805 89209338

Comments

  1. මාරවැඩක්නේ බං මේක

    ReplyDelete
  2. බ්ලොග් එකේ පළල තිරයෙන් පිටට නොයන විදිහට ( හැම ප්‍රමාණයකම ස්ක්‍රීන් එකකටම සෙට් වෙන්නේ 1220px මම හිතන්නෙ ) තව ටිකක් පළල වැඩි කරල , පොස්ට් එකට තියන ඉඩ ප්‍රමාණය වැඩි කරල , වම් පැත්තේ තියන ගැජට් වලින් ටිකක් දකුණු පැත්තටත් දාල එහෙම , වැඩකට නැති ගැජට් අයින් කරල , අවශ්‍ය ඒවා පමණක් එකතුකරල ගත්තනං මල් හතයි , හෙන කාලයක් මෙච්චර පොස්ට් ගොඩක් ලියලත් ෆලෝවර්ල , කමෙන්ට් එහෙම නැත්තේ ඒකයි මං හිතන්නේ , අනික ඔයා අනිත් අයට කමෙන්ට් කරන්නත් නැතුව ඇති

    ReplyDelete
  3. වාව් අදමයි මේ දුපත ගැන දැනගත්තේ

    ReplyDelete
  4. මේ මිනිස්සු සහ දූපත එදා බේරුනේ උන් දරුණු නිසා, අද බේරිල තිය්න්නෙ උන්ට වඩා අනෙක් මිනිස්සු දියුණු නිසා..

    ReplyDelete
  5. මේකේ ටෙම්ප්ලේට් එකනම් ටිකක් කියවන්න අමාරුයි බං.. පොඩ්ඩක් වෙනස් උනානම් හොඳයි.

    ReplyDelete
  6. සෑහෙන කාලෙක ඉඳන් ලියලා තියෙනවා. අටමා පෙන්වනකම් දැක්කේ නෑ.

    ReplyDelete
  7. බ්ලොග් එක නම් බොහොම වටිනවා වගේ තේරෙනවා.

    පුලුවනම් අකුරු වල පාට සුදු කරන්න. එතකොට කියවන්න ලේසියි. leyout එක හොඳයි. එත් අඳුරු බව වැඩියි වගේ.

    මොනා වුනත් කමක් නැහැ.

    අපේ ඇටම් පහුරා කියාපු පාරේ ඇවිත් තමයි ගොඩ වුනේ.

    ආයෙත් ඊළඟ පොස්ට් එකටත් එන්නම්.

    ReplyDelete
  8. අටං ගෙ පාරෙ ආවෙ.ලියන්න තියෙන ප්‍රමාණය වැඩි කර ගන්න.දිගටම ලියන්න.ජය!!

    ReplyDelete
  9. බ්ලොග් හෙඩින් එක නිවැරදි කරනවානම් හොඳයි. පිබිදේවා කියන වචනය වැරදියට ටයිප් කරලා තියෙන්නේ. ඒ වගේමයි ඉංග්‍රීසියෙන් මෙත් යන වචනයේ රූපය ලියන්නේ meth කියලා. නමුත් ඉංග්‍රීසියෙන් meth කියන වචනෙට වෙන තේරුම් තියනවා. https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=meth ඒ නිසා ඒ අදහස ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ලියන්න. ඒ වගේමයි pipedewa කියලා ලිව්වම කියවෙන්නේ පිපේදේවා කියලා. එකත් වැරදියි. මේ ලිපි ලියන්නට තොරතුරු ලබාගත් මූලාශ්‍ර ලිපි සඳහා ලින්ක් ලබාදෙන්න. එතකොට සාර්ථකත්වය වැඩියි.

    මේ සියල්ල කිව්වේ අධෛර්යයට පත් කරන්නට නෙවෙයි. අවංකවම මගපෙන්වීමක් කරන්නයි.

    ReplyDelete
  10. තවමත්....... ගෝලීයකරණය නොවූ...... මිනිසුන් මෙදියත ඇත්ද....?
    නොදන්නා කරුණු හා විස්තර වාර්තා ගෙන එන එක හොදයි...... ඔයත් පරණ blog කාරයෙක් වගේ ඉස්සරහට නාවට ....
    සුභ ගමන්...... මිතුර

    ReplyDelete

Post a Comment