පොළොව යට නොදුටු ලෝකයක්


වියට්නාමයේ ෆොන්ග් නා කේ බැන්ග් ජාතික වනෝද්‍යානයේ පිහිටි හැන්ග් තියන්ෂාන් ගුහාවට ගිය ඡායාරූප ශිල්පී රයන් ඩෙබූඩ් ගේ ඡායාරූප නොදුටු ලෝකයකට මිනිසුන් කැදවීමට සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තිස් දෙහැවිරිදි වියේ පසුවන රයන් වීර චාරිකාවල යෙදෙමින් සිත්ගන්නා සුළු ඡායාරූප ගැනීමට සමත්කම් දක්වන්නෙකි. අහිමිවූ ලෝකයක් ගැන සොයමින් වෙහෙසෙන මිනිසුන්ට ඒ අපූර්ව ලෝකය ඇස් පනාපිට දිගහැරීමට මේ ඡායාරූප ශිල්පියා සමත්ව සිටියි. රයන් පවසන්නේ මේ ලෙන්වල ඡායාරූප ගැනිම පුදුමාකාර හැගීම් දනවන්නක් වූ බවයි.
එය අන්ධකාරයේ ගත් ඡායාරූප බවත්. ගුහාව අදුරට අති සංවේදී වූ කැමරා භාවිතා කරමින් ඡායාරූප ගත් පසු එහි චමත්කාරයෙන් තමන් පවා පුදුමයට පත්වූ බවත් ඔහු කියයි.
‘‘ මම මේ ඡායාරූප ගත්තේ මා ඉදිරියේ ඇත්තේ කුමන ආකාරයේ කුමන වර්ණයක දෙයක් දැයි නොදැන. මා වටා ඇති ඉඩකඩෙහි කෑලි කැපිය හැකි අන්ධකාරයේදී මට හැගී ගියේ මා ඉන්නේ නොදන්නා අන්ධකාර ග්‍ර‍යකු මත බවයි. මෙයින් මට හැකිවුණා. මෙතෙක් නොදුටු ලෝකයක් අපේ මිනිසුන් ඉදිරියේ දිග හැරීමට“ රයන් එසේ පැවසිය.
2C2D6AB100000578-0-image-a-5_1441965627194 - Copy 2C2D68A600000578-0-image-a-27_1441966107469 2C2D68BA00000578-0-image-a-23_1441966065285 2C2D68C400000578-0-image-a-26_1441966097308 2C2D68CF00000578-0-image-a-25_1441966088323 2C2D68E200000578-0-image-a-24_1441966076861 2C2D69CC00000578-0-image-a-21_1441965701771 2C2D69DB00000578-0-image-a-6_1441965634164 2C2D689300000578-0-image-a-22_1441966057350 2C2E920B00000578-3230599-image-a-14_1441971679960

Comments