මරු කාලි කියන්නේ ජීවිත බේරා දෙන කෙනෙක්

කාලි මෑණියෝ එසේත් නැතිනම් භද්‍රකාලි යනුවෙන් හඳුන්වන උතුම් මාතාව නිරන්තරයෙන්ම සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ජනතාවට පිහිට ​ෙවන උතුම් මාතාවකි. සාධාරණයෙන් මෑණියන්ගෙන් පිහිටක් පතා පැමිණෙන අයට ඊට සාධාරණය ඉටු කර දීමටත් අසාධාරණය කළ අයට දඬුවම් පැමිණවීමටත් කාලි මෑණියෝ කටයුතු කරන බව විජය කුමාර කපු මහතා පවසයි. භද්‍රකාලී මෑණියෝ අවතාර අටකින් පෙනී සිටින බව අප පසුගිය සති කිහිපය පුරා කතා කළෙමු. ඒ භද්‍ර කාලී, සොහොන් කාලී, රීරි කාලී, වඳුරු කාලී, පුළුටු කාලී සහ ගිනි කාලී පිළිබඳවයි. 

අද අප කතා කරන්නේ ඒ අවතාර අටෙන් අනිකුත් අවතාර දෙක එසේත් නැතිනම් මරු කාලී සහ පේන කාලී පිළිබඳවයි. මේ පිළිබඳ විජය කුමාර කපු මහතා අප සමඟ කතා කළේ මේ සියලු අවතාරවලින් කාලි මෑණියෝ පෙනී සිට මිනිසුන්ගේ විපත්වලදී පිහිටට එන බවයි. 

ප්‍රශ්නය - අපි මරු කාලී පිළිබඳව කතා කළොත්? 

පිළිතුර - මරු කාලී ඔය සොහොනට අධිපති වෙලා සිටින සොහොන් කාලී සහ සමානව තමයි වැඩ සිටින්​ෙන්. අපි මරු බිල්ලේ තීන්දුව කියලත් කියනවා. ඔය යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේදී. මරු බිල්ලේ තීන්දුවක් කියලා. ඒ කියන්නේ කෙනෙකුට එසේත් නැතිනම් ආතුරයකුට ඇති වෙච්ච කෝපයක් සාපයකින් මිදීමට නොහැකි අවස්ථාවකින් මරු බිල්ලේ තීන්දුව කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ආතුරයා නැතිනම් කපු මහතා තමන් නම් එයාගේ පිටට අරගන්නවා. හැබැයි අපි නිර්දෝෂී වෙන්න ඕනෑ. අපේ අතින් වරදක් සිදු වෙන්න බැහැ. මෙයාගේ අතේ වරදක් නැහැ. ඒ නිසා මරු බිල්ලේ තීන්දුවක් දෙන්න කියලා කියනවා. අපි අන්න ඒ වෙලාවේ මරු කාලිගෙන් අවසර පතනවා. භද්‍ර කාලී මෑණියන්ගේ, පත්තිනී මෑණියන්ව සිහිකරගෙන. 

මොකද ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ නැගනිය කියලා කියනවනේ කාලී මෑණියෝ කියලා කියන්නේ. ඉතින් ශාසන බාරගෙන සිටින විෂ්ණු දෙවියෝ එයාගේ නැගණනිය අවතාර අටකින් නොයෙකුත් දඬුවම් ලබාදෙන්න පෙළඹුනාට ජීවිත රකින්නත් ක්‍රියා කරනවා. ඒකනේ භද්‍ර කාලී අම්මා කියන තත්ත්වයට පත්වුණේ. ඉතින් අන්න ඒ මරණයෙන් බේරා ගැනීමට තමා මේ මරු කාලිගේ පිහිටක් පතන්නේ. මරණයට අධිපති වෙලා ඉන්න නිසා මරපත් කියලා සමහරු කියනවා. ඇත්තටම මනුෂ්‍යයෙක් මරණ එක නොවෙයි සාධාරණත්වය. අන්න ඒ වෙලාවේ කෙනෙකුගේ අසාධාරණයක් තිබුණත් ජීවිතයක් බේරා ගැනීම නිසා අපි මරු බිල්ලේ තීන්දුවක් කියලා එකක් යවනවා. ඒවා ඇත්තටම මන්ත්‍ර විද්‍යාවක්. මරු බිල්ලේ තීන්දුවක් කියන එක විශාල ශාන්ති කර්මයක්. ඒ කියන්නේ ආතුරයගේ තිබෙන සියලු දෝෂ පාලනය කරලා තමන් නිවැරැදියි. ඒ කියන්නේ කට්ටඩි මහතා හෝ කපු මහතා හෝ මම නිවැරැදියි. ඒ නිසා ඒකෙන් එයාව බේරලා මම නිවැරැදියි මම කියන දේ අහලා මේ මරු කාලිගෙන් අවසරයක් ලබනවා සියලු පුද සත්කාර පවත්වලා ජීවිත බේරා දෙන්න කියලා. මරු කාලී කියපු ගමන් සමහර නොදන්න අය සිතන්නේ මරණය ඇති කරන කාලි අවතාරයක් කියලා. එහෙම නොවෙයි, මරු කාලිගෙන් වෙන්නේ ජීවිතයත් මරණයෙන් බේරා ගැනීමේ ​ෙච්තනාවෙන් තමයි මරු කාලී කියන්නේ. 

ප්‍රශ්නය - මරු කාලී මෑණියන්ට විශේෂිත වූ භාර හාර තිබෙනවාද? 

පිළිතුර - විශේෂයෙන් කියන්නේ අපි කාලි මෑණියෝ සතුටු කරන්න. කාලි මෑණියෝ පුළුටු වලට ආස වෙලා පුළුටු කාලී වෙනවා. වසංගත රෝගවලට අධිපති වෙලා වඳුරු කාලී වෙනවා. එතනදී සාපයෙන් මුදවලා පුද සත්කාර ලබන්න සූදානම් වෙනවා. මේ වාගේ මේ මරු කාලීට සියලු පුද සත්කාරය එයා කැපගන්නවා. 

කාලී මෑණියෝ මම මේ මේ දේවල් ඕනෑ කියලා ඉල්ලන්නෙ නැහැ. අපි මේ නර වේෂයෙන් ඉන්න අපේ දුකට පිහිට වෙන්න දේවත්වයෙන් ඉන්න කෙනෙක් ගෙන් අපි දුකට පිහිටක් යදිනවා. අපි ඉල්ලන්නේ අපේ දුකට පිහිටක්. මට මේ වගේ අසාධාරණයක් කළ මේ අසාධාරණයට පිහිටක් ලබලා දෙන්න කියලා. ඒ තමන්ගේ දුක් අඳෝනාවයි කියන්නේ. ඉතින් ඒ වෙලාවේ මරු කාලී කියන කෙනාට ශාන්ති කර්මයක් කරන කොට සියලු පුද සත්කාර ඇතිව කිසිම දෙයක් අඩු පාඩු නැතිව දෙනවා. නමුත් අපි අසරණභාවයෙන් පෙළෙනව නම් අපිට මේ දේවල් දෙන්නට අපහසු නම් මම ගිහින් කියනවා අපේ ජීවිතය ආරක්ෂා කරලා කරලා දෙන්න. මොකද එයා භද්‍ර කාලීගේ අවතාරයෙන් ඉන්න කොට එයා අම්මා කෙනෙක් වුණා නම් ඒ දුක උහුලන්න පුළුවන් කෙනෙක් වෙනවා මරු කාලී. මේ නිසා මරු කාලීගෙන් සියලු පුද සත්කාර ලබලා අපේ ජීවිත බේරා ගන්න පුළුවනි. 

ප්‍රශ්නය - අවසාන වශයෙන් පේන කාලී අවතාරය ගැන කථා කළොත්? 

පිලිතුර - පේන කාලී කියන්නේ අද සමාජයේ ගොඩක් මිනිස්සු ඉන්නවා “මට කාලී මෑණියෝ, වැහිලා තමා මම මේ දේවල් කරන්නේ. කාලි මෑණියන්ගේ දිෂ්ටියක් මට තිබෙනවා” කියලා කියනවා. ඔය වගේ වෙලාවට එක එක විකාර දොඩවනවා. ජනතාව මුළා කරන විවිධ ශාස්ත්‍ර කරුවන් ඉන්නවා. බොහොම භක්තිවන්තව කරන අයත් ඉන්නවා. ඇත්තටම ජීවනෝපාය කරගෙන මිනිසුන් රවට්ටන අයත් ඉන්නවා. පේන කාලී කියලා කියන්නේ ඇත්තටම බොහොම පිනක් දහමක් කරගෙන ඉන්න කොට මෑණියන්ගේ පිහිට අපට තිබෙන්නේ. අපේ අන්න ඒ පිහිට ලබාගෙන අපේ ඒ මනස ඥාන ශක්තිය දියුණු කරගෙන තවත් කෙනෙකුගේ ප්‍රශ්නයක් අඳුනාගන්න පුළුවන් නම් අර පේන කාලී කියන මෑණියන්ගේ පිහිට අපට ලැබෙනවා. ඒ ධාරණ ශක්තිය වඩවන්න අපට ලැබෙනවා. එහෙම නැතිව අර වගේ වංචා ගරන මිනිසුන් රවට්ටන මුළා කරන කෙනෙක් ඉන්නවා නම් මේ ශරීර පංචස්කන්ධයට ඇතුළු වීමට පුළුවන් කෙනෙක් නොවෙයි මේ පේන කාලී මෑණියෝ කියන්නේ. අර වගේ යහපත්ව ඉන්න කෙනෙකුට තවත් කෙනෙකුගේ දුකට පිහිට වෙන්න පුළුවන් කෙනෙකුට ආකර්ෂණ ශක්තියක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි මේ පේන කාලී කියලා කියන්නේ. 

ප්‍රශ්නය - කාලී මෑණියෝ මේ සියලු අවතාරවලින් පෙනී සිටින්නේ මිනිසුන්ට පිහිටක් ලබා දෙන්න. ඒත් බොහෝ අය එය වැරැදි විදිහට පාවිච්චි කරනවා නේද? 

පිළිතුර - ඒක අද ඇත්තටම යන්ත්‍ර මන්ත්‍රවේදීන්, කපු මහ්ත්වරු, කට්ටඩී මහත්වරු සමහර විට ගොඩාක් මිල මුදල් පසුපස හඹාගොස් මේ කාලි මෑණියන්ට මේවා දෙන්න ඕනෑ. එළුවෙක් කපලා, එසේ නැතිනම් කුකු​ෙළක් කපලා, කුකුල් ලේ ගොටු දීලා අපි මේ කෙනාව බාර දෙනවා. මම මුලින්ම සඳහන් කළානේ පුළුටු කාලිට, වඳුරු කාලීට මේ මේ දේවල් දීලා සතුටු කරන්න පුළුවන් කියලා. නමුත් සතුටු කරවලා ඒ කෙනා අයුක්ති අසාධාරණ නම්, කාලී මෑණියන්ට දිවැස් තිබෙනවා අපේ දුක සැප විමසීමක් කරන්නට මේ යුක්තියද මේ සාධාරණයද කියලා. නමුත් එ් කෙනා මගේ අතින් මෙහෙම වරදක් නැහැ කියලා කිව්ව හොත් අර මිනිස්සු සිතින් මවා ගත්ත දේවල් තමයි මේ ගොඩාක් සිද්ධ වෙන්නේ. මෑණියෝ මෙහෙම දඬුවම් දෙනවා. එහෙම දඬුවම් දෙනවා. ඒ දඬුවම් දෙන්නේ මම අර මුලින් කියපු ආකාරයට. ලෙඩ රෝග පතුරවලා, ලේ කෝප කරවලා වසංගත රෝගයකින්, ලේ පිත් රෝග ​ෙබා් කරවනවා. අන්න ඒ ආකාරයට තමා දඬුවම් ලබා දෙන්නේ. ශරීරයේ ලේවලට අධිපති වෙලා ඒ වගේ රෝගයක් හදනවා. ඔන්න ඔය වගේ වේශයකින් තමා දඬුවමක් ලැබෙන්නේ. එසේ නැතිනම් ඉඳපන් මම උඹව මරන්නම් කියලා අතේ තිබෙන මිනී ඔළුවක් මම මේක මරලා දාගන්නම් කියලා අංගුලි මාල වගේ දා ගන්නේ නැහැ. ඒ නිසා අර කාලී මෑණියන්ට කරන පුද සත්කාර මිනිස්සු මවා ගත්ත දෙයක් තමයි මේ මෑණියෝ දඬුවම් දෙනවා. අම්මා මිනිස්සු මරනවා වගේ කියනවා. ඇත්තටම මිනිස්සු මරනවා නොවෙයි මව් පදවිය ලබන්න එක පියයුරකින් කිරි එරෙන්න පුළුවන් දේවත්වයක් ලබපු ඒ මෑණියෝ කොහොමද ජීවිතයක් නැති කරන්නේ. ශාසනය බාරගෙන ඉන්න මේ විෂ්ණු දෙවියන්ගේ නැගණිය. අයියා ශාසනය බාරගෙන ආරක්ෂා කරනවානම් නැගනිය එතනට හරස් වෙන්නේ නැහැ. 

මහා භද්‍රකාලී අම්මා කියලනේ ගොඩක් දෙනෙක් සඳහන් කරන්නේ. ජනප්‍රවාදයේ හඳුන්වන්නේ මහා භද්‍රකාලී අම්මා කියලා. මොකද සෑම දුකකටම පිහිට වෙනවා. දරුවන් නැති දුකට, අපට බාරහාර වෙලා ඉල්ලීම් කරනවා. අපිට වසංගත රෝගයක් බෝ වූ විට ඊට සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. පත්තිනි මෑණියෝ මුල් කරගෙන. මොකද පත්තිනි කියලා කියන්නෙත් ඔය කාලි මෑණියන්ගේ ගිනි කදෙන් පිනි බිංදුවෙන් අඹ ගෙඩි​ෙයන් උපත ලබලා කියලා සඳහන් වෙනවනේ. ඉතින් ඒ වගේ උපත ලබලා ඒ වගේ අවසර පතලා අපට ඉල්ලීමක් කරන්න පුළුවන්. අපට ලොකුසේ අසාධාරණයක් වෙනවා නම් මේ කෙනා මෙහෙම කරනවා. අපි මෙහෙම දඬුවමක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ දඩුවමක් ලබා දෙනකොට ඒ අම්මා ඒ කෙනාගේ ජීවිතය විනාශ කරන්න නොවෙයි මේ කරපු දඬුවමට මේ වගේ රෝගයක් පතුරවනවා. නැතිනම් මේ වගේ අනතුරක් ඇති කරනවා. අන්න ඔය වගේ දෙයක් කරනවා විනා එහෙම අයහපත්ම දෙයක් සිදු කරන්නේ නැහැ. ඒක මිනිස්සු විසින් කට්ටඩි මහත්වරු, කපු මහත්වරු විසින් මවාගෙන මිල මුදල් පසුපස හඹායමින් ආදායම් උපදවන්න මෑණියන්ව ප්‍රයෝජනයට ගෙන කරනු ලබන දෙයක්. ඒක කිසිසේත් අනුමත කරන්න බැහැ. දුකටයි පිහිට වෙන්නේ. මෑණියෝ පිනුයි බලාපොරොත්තු වෙන්නේ. ඕක තමයි අද ඇත්ත තත්ත්වය. 

අපි යහපත්ව සමාජයේ සාධාරණව හොඳ පැවැත්මෙන් ජීවත් වෙනවා නම් අපිට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අනුග්‍රහය ලැබෙනවා. අද බොහෝ දෙනෙකු ජීවත්වෙන්නේ තණ්හාව, ආශාවන් පෙර දැරි කරගෙනයි. ඒක නිසා කෙනෙකුගේ දියුණුවට, කෙනෙකුගේ යහපතට අකුල් හෙළන්නෙ නැතුව පින් අතේ ක්‍රියාවල නිරත වනවා නම් අපට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපේ මිනිස්සු අද ජීවත් වෙන්නේ මුදල් පසුපස හඹායන සමාජයක. ඒක නිසා අසාධාරණයට අයුක්තිය කෙරෙහි සිත යොමුවනවා වැඩයි. ඇතැම් කපු මහත්වරුන්, ශාස්ත්‍රකරුවන් ඉන්නවා මිනිස්සු රවටලා මුදල් හම්බ කරන අය.

Comments