ලිංගික සංසර්ගය

ලිංගික සංසර්ගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

විෂම ලිංගිකයින් දෙදෙනෙක් අතර ඇතිවන ආදරයේ උච්ඡුතම අවස්ථාව වන්නේ ලිංගික සංසර්ගය යි. යෞවනයේ පසුවන තරුණ තරුණියන්ගේ ආදරය මානසික මෙන්ම කායික අවශ්‍යතාවයකි. මානසික අවශ්‍යතාව සපිරුණු වහාම ඔවුන් කෙමෙන් කෙමෙන් ලංවන්නේ කායික අවශ්‍යතාව සපුරා ගැනීමට යි.
යෝනි මාර්ගය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ බාහිර ලිංගික අවයව සහ අභ්‍යන්තර ලිංගික අවයව සම්බන්ධ කරනා කුහරයක්‌ වැනි වූ අවයවයකට වේ. මෙය වෛද්‍ය විද්‍යාව තුළ "වැජයිනා" ලෙස හඳුන්වයි.
මෙම අවයවය පරිණත වන්නේ දියණිය මල්වරවීමත් සමඟයි. යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.
යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වී තිබේ.
යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධ වී ඇත.
යෝනි මාර්ගය ලෙස හඳුන්වන අවයවය හොඳින් විස්‌තාරනය විය හැකි අවයවයක්‌ වන අතර ලිංගික සංසර්ගයේදී මෙහි දිග සහ පළල අවශ්‍ය පරිදි වෙනස්‌ වේ. යෝනි මාර්ගයේ ඇති වන විවිධ ස්‍රාවයන් ලිංගික සංසර්ගය සඳහා වැදගත් වේ. එමෙන්ම ඔසප් චක්‍රයේ විවිධ හෝමෝන සාන්ද්‍රණ මත යෝනි මාර්ගයේ ඇතිවන ස්‍රාවයන්ගේ සහ එහි ගුණාත්මක භාවයේ වෙනසක්‌ ඇතිවේ. සමහර කාන්තාවන්ට මෙය මානසික වඳයක්‌ වුවත් බොහෝ කාන්තාවන්ට මෙම වෙනස මගින් ඔසප් චක්‍ර පිළිබඳව අවබෝධයක්‌ ලබා ගත හැකි වේ.
කාන්තාවගේ ලිංගික සංසර්ගයේ දී සම්පූර්ණ තෘප්තිය යෝනි මාර්ගය විවරයට ඉදිරියෙන් ඇති "ක්‌ලිටෝරිස්‌" " නැමති අවයවය සමඟ බැඳි ඇත.
ඊට අමතරව යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මගින් යම්තරමක්‌ දුරට ලිංගික සංසර්ගයේදී තෘප්තියක්‌ ලැබීමට කාන්තාවට සිදුවේ.
මෙයට අමතරව ප්‍රජනන ක්‍රියාවලියේදී ගර්භාෂය තුළ වැඩෙන දරුවා බාහිර ලෝකයට ගෙනයාමේදී ඉතා වැදගත් අවයවය ලෙස යෝනි මාර්ගය හඳුන්වාදිය හැකියි. මෙම යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මත ගර්භාෂය පිහිටා ඇති අතර පසුපස බිත්තිය මත ගුද මාර්ගය පිහිටා ඇත. යෝනි මාර්ගයේ මාංශපේශි සහ පටකවල දුර්වලතා ඇති වනවිට මුත්‍රාශය ගුද මාර්ගය තුළට නෙරායාමක්‌ හෝ ගුද මාර්ගය යෝනි මාර්ගයට නෙරායාමක්‌ වැනි රෝග තත්ත්වයක්‌ ඇතිවෙන්නට පුළුවනි. ගර්භාෂය යෝනි මාර්ගයට ඉහළින් පිහිටා ඇති හෙයින් යෝනි මාර්ගයේ පටක දුර්වල වනවිට ගර්භාෂය යෝනි මාර්ගයට පහත්වීම හෙවත් අපි සාමාන්‍යයෙන් හඳුන්වන ගර්භාෂය පහත්වීමේ රෝග තත්ත්වය ඇති වේ.
ඒත් එක්‌කම දරුවෙකු මෙලොවට බිහිවනවිට මෙම යෝනි මාර්ගය ඉතාමත් විශාලවීමක්‌ වේ. මෙය ස්‌වභාවික ක්‍රියාවලියකි. මේ සඳහා අවශ්‍ය හෝමෝන පසුබිම මවගේ ගර්භනි කාලය තුළ ක්‍රමානුකූලව සිදු වේ. යෝනිමාර්ගය කෙතරම් පළල් වෙනවාද කිවහොත් සෙන්ටිමීටර් 10 ක්‌ පමණ හිසක විශ්කම්භයක්‌ ඇති ළදරුවෙකුට මෙලොවින් බිහිවීම සඳහා ප්‍රමාණවත් වන පරිදි මෙය පළල් වේ. මෙහිදී යෝනි මාර්ගයට කිසිදු හානියක්‌ නොවීම තවත් විශේෂත්වයකි.
යෝනි මාර්ගයේ මාංශපේශිවල තානය රදා පවතින්නේ යෝනි මාර්ගයේ පටකවලට ලබාදෙන ව්‍යායාම මතය. මේ නිසා යෝනි මාර්ගයේ පටක සහ බිත්තිවල දුර්වලතා ඇති වූ විට මාංශපේශි ශක්‌තිමත් කිරීමට වෙනම ව්‍යායාම ක්‍රමයන් වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ට හඳුන්වා දේ. මෙවැනි ව්‍යායාම මගින් යෝනි මාර්ගය අවට ඇති පටක ආරක්‌ෂා කර ගැනීමට හැකිවේ.
ව්‍යායාම කිරීම මගින් යෝනි මාර්ගය තුළට ගර්භාෂය පහත්වීම හෝ මුත්‍රාශය පහත්වීම යම්තාක්‌ දුරකට මඟ හරවා ගන්නට පුළුවනි.
ලිංගික ක්‍රියාවේ යෙදෙනවිට යෝනි මාර්ගයේ තිබෙනා විවිධ ග්‍රන්ථි මගින් යෝනි මාර්ගයට ස්‍රවයන් ස්‍රාවය වේ. කන්‍යාපටලය පිටතින් ඇති පටක වල තිබෙන තොල්වැනි පටක දෙකේ තිබෙනා බාතෝලින් ග්‍රන්ථි මගින් යෝනි මාර්ගය තුළට සහ මතුපිටට ඉතා විශාල ප්‍රමාණයෙන් ස්‍රාවයන් පිට වීමක්‌ සිදුවේ. මෙම ක්‍රියාවලිය ලිංගික උත්තේජනයකදී කාන්තාවන්ගේ සිදුවේ.
මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න බව සඳහා කායික සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය හා ලිංගික සෞඛ්‍යය යන තුනම වැදගත් වේ. මිනිස් සිරුර ක්‍රියාත්මක කරන මූලික ලිංගික අවයවය ලෙස අපේ මනස හැඳින්විය හැකිය. සියලුම අදහස් හා උත්තේජන මනසේ ඇතිවන බැවිනි. ආකර්ෂණය, ආශාව, උත්තේජනය, උත්තේජනයෙහි උපරිමයට පත්වීම යන සියලුම ක්‍රියාවලීන් චක්‍ර ක්‍රමයකින් සිරුර තුළ ඇති වෙයි. මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය චක්‍රයකි. එය මනෝමූලික චක්‍රයක් යැයි කියනු ලැබේ. දරුවකුගේ කායික වර්ධනය හා බුද්ධි වර්ධනය ගැන මවුපියන්ගේ වැඩි අවධානය යොමු වුවත් දරුවාගේ ලිංගික වර්ධනය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවේ. ලිංගික වර්ධනයේදීත් ලිංගික ඉන්ද්‍රියයන් ගේ කායික වර්ධනය හා හෝමෝනවල බලපෑම ඉතා වැදගත් වේ.
යමකු වැඩිහිටි වියට එළැඹෙන විට ආදර හැඟුම් ඇතිවීම ස්වභාවික ක්‍රියාවලියකි. යොවුන් වියේදී ඇතිවන මෙම ස්වාභාවික වෙනස්කම් හේතුවෙන් තරුණ තරුණියන් අතර සබඳතා ඇතිවේ. ජීවිතයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති වූ විට මොවුහු විවාහ වෙති. විවාහ වී හෝ නොවී ස්ත්‍රියක් පුරුෂයකු අතර ඇතිවන සබඳතා යුවළ සම්බන්ධතා ලෙස හැඳින්වේ.
එසේ ඇතිවන සබඳතාවකින් අපේක්‍ෂිත අරමුණු කිහිපයකි. ඒවා ආර්ථික සෞභාග්‍යය, මානසික සෞභාග්‍යය, කායික සෞභාග්‍යය හා සමාජයීය සෞභාග්‍යය ලෙස හැඳින්විය හැකිය. යුවළක් අතර ඇතිවන සම්බන්ධයක් විවාහයකින් ස්ථිර කරගන්නට උත්සාහ කරන්නේ විවාහය මඟින් පුද්ගලයකු තනිව ජීවත් වනවාට වඩා පහසුවෙන් තම දෛනික කටයුතු බෙදා හදාගෙන කළ හැකි නිසාය. තවත් අතකින් තනිකම දුරලාගන්නට, මානසික මෛන්ම ශාරීරික අවශ්‍යතා හුවමාරු කරගැනීමට විශ්වාසවත් සහකරුවකු සිටීම වටිනේය.
කායික සෞභාග්‍ය ලෙස කායික සුවය හා පරපුර රැක ගැනීම සඳහා දරුවන් බිහිකිරීම ද යුවළක් වශයෙන් සමාජයීය වශයෙන් ඇතිවන බැඳීමෙන් අත්වන යහපත සමාජයීය සෞභාග්‍යය ලෙස ද සරලව හැඳින්විය හැකිය.
විවාහක යුවලක් අතර සිදුවන එක්වීම හුදෙක් කායික බැඳීමකට පමණක් සීමා නොවූ මානසික හා සමාජයීය වැදගත්කමක් සහිත වූවකි. කායික සුවයක් මානසික තෘප්තියක් මෙන්ම සමාජ වගකීමක් එහි ඇත.
ඕනෑම සමාජයක් ගොඩනැඟෙන්නේ ‘පවුල’ නමැති ඒකකය මතය. යහපත් පවුලක් ගොඩනඟා ගැනීම සඳහා පදනම සකස් වන්නේ යුවළක් අතර ආදර සබඳතාවක් ගොඩ නැගෙන මුල් අවස්ථාවේදීය. විවාහය දක්වා ආදරයෙන් වෙලී සිටින යුවළක් විවාහයෙන් පසුව ඒ ආදරය වඩාත් වර්ධනය වන පරිදි කටයුතු කළ යුතුය. විවාහයේ සාර්ථකත්වය රඳා පවතින්නේ දෙදෙනා තුළ ඇති ආදරය, විශ්වාසය, අන්‍යොන්‍ය ගෞරවය හා ආකර්ෂණය මතය. ඒ සඳහා ස්ත්‍රිය සහ පුරුෂයා යන දෙදෙනා තුළම යහපත් මනෝ විද්‍යාත්මක බැඳීමක් ඇති වීම වැදගත්ය.
ඒ සඳහා කරුණු තුනක් වැදගත් වේ. ඉන් පළමුවැන්න Emotional intimacy හෙවත් හැඟීම්වල සමීපතාව වේ. එයින් අදහස් කෙරෙනුයේ යුවළක් එකිනෙකා ගේ හැඟීම්, ආශාවන් හා රුචි අරුචිකම් හොඳින් වටහා ගැනීමයි. සැමියා බිරියගේ මෙන්ම බිරිය සැමියගේ අදහස් ආකල්ප මෙන්ම ඔහු / ඇය කැමති අකැමැති දේ හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්ය. . අද බොහෝවිට විවාහක යුවළ අතර අසමගිතා වර්ධනය වන්නේ පෙම් කරන කාලයේදී මෙන් නොව විවාහයෙන් පසුව ඔවුනොවුන්ගේ සිතැඟිවලට පටහැනිව කටයුතු කිරීම නිසාය. එකිනෙකාගේ දුක සතුට හඳුනාගෙන ඒවා සමව බෙදා ගැනීමෙන් ලබන මානසික සුවය ඕනෑම වයස් කාණ්ඩයකට අයත් යුවලකට අසීමිත ලෙස යහපත් ප්‍රතිඵල අත්කරයි.
Physical Intimacy හෙවත් කායික සමීපතාව
මෙය අලුත උපන් බිලිඳා ගේ සිට මහල්ලා දක්වා මෙලොව කවර මිනිසකුට වුවත් සුවය දනවන ක්‍රියාවලියකි. බාල වියේදී අම්මාගේ ආදරය, සිප වැලඳගැනීම් දරුවකු ගේ මානසික සුවය දනවයි. ආදරයෙන් සිප සැනැසීමෙන් කවර දරුවකු වුවත් යහ මඟට යොමු කළ හැකිය. යොවුන් වියේදීත් තරුණ වියේදීත් ආදරය කරන කල්හි මෙන්ම මැදි වියේදීත් වැඩිහිටි වියේදීත් ස්පර්ෂය හෝ කායික සමීපතාව සුවයක් දනවයි. එය මානසික සුවයට ඉවහල් වෙයි. කායික පීඩාවන්හිදී එම ස්ථානය හොඳින් පිරිමැදීමෙන් ලබන සුවය මනසට ද සුවය සදාලයි.
බටහිර ලෝකයේ රටවල ජනතාව වියපත් වුවද විවාහක හෝ අවිවාහක යුවළ ආදරය කරන සමයෙහි එකිනෙකා වෙත සමීපව සිටීම සාමාන්‍ය සංසිද්ධියකි. තරුණ වියේදී මෙන්ම මහලු වියේදී ද එකිනෙකා ස්පර්ෂ වන පරිදි සමීපව හිඳ ගැනීම, අත්වැල් අල්ලාගෙන ඇවිදීම, සමීපව සිටිමින් රූපවාහිනී හෝ සිනමාපට නැරැඹීම වැනි ක්‍රියා මඟින් ලැබෙන මානසික සුවය මෙන්ම ශාරීරික සුවයද ඉමහත් බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබේ.
වර්තමානයෙහි යුවළ සම්බන්ධතා සාර්ථක කර ගැනීමට උපදෙස් සපයන වෛද්‍යවරුන් එකිනෙකාට සමීපව කටයුතු කිරීමට හැකි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නා ලෙස උපදෙස් සපයන්නේ එහෙයිනි.
නූතන ලෝකයේ කාර්ය බහුල බව හේතු කොටගෙන අඹු - සැමි, දූ දරු මා පිය සබඳතා පැවැත්වීමට පවා කාල වේලාව සොයා ගැනීමට අපහසු වී තිබේ. අවම වශයෙන් දවසේ එක් ආහාර වේලක් හෝ පවුල එකට එකතු වී ආහාර ගැනීම කළ හැකි නම් ඒ ඉතා වැදගත් බව උපදේශකයෝ පවසති.
සැමියා හෝ බිරිඳ දුර බැහැරක වේ නම් කෑම වේලාවේදී දුරකථනයෙන් හෝ ඔවුනොවුන් පිළිබඳ සොයා බැලීමට හැකි නම් ඒ වැදගත්ය. නිවසේ රැඳී සිටින කෙටි වේලාව තුළ හෝ අඹු - සැමි දෙදෙනා එක්ව සහයෝගයෙන් සිටීම, සුළු වේලාවක් හෝ එකිනෙකා සමීපයෙහි සිටිමින් තොරතුරු කතා බහ කිරීම සැබැවින්ම යහපත් ප්‍රතිඵල ගෙන දෙයි.
Operational Closeness හෙවත් ක්‍රියාකාරීත්වයෙහි සමීපතාව.
සැමියා හෝ බිරියගේ දෛනික කටයුතු පිළිබඳ එකිනෙකා තුළ හොඳ වැටහීමක් තිබීම මෙයින් අදහස් කෙරේ. සැමියා හෝ බිරිය මේ අවස්ථාවේ කුමක් කරන්නේද, සිටින්නේ කවර ස්ථානයකද? ඔහුගේ හෝ ඇගේ රැකියාවේ ස්වභාවය පිළිබද දැන සිටීම යහපත් යුවළ සබඳතා සඳහා වැදගත් වේ. සැමියා බිරිය හෝ පෙම්වතා, පෙම්වතිය පිළිබඳ විශ්වාසය ගොඩ නැඟෙන්නේ මේ වැටහීම මඟිනි.
එමඟින් එකිනෙකා කෙරෙහි අනවශ්‍ය සැක පහළ වීම වැළැකෙයි. දෙදෙනාගේම කටයුතු බාධාවකින් තොරව සාර්ථකව ඉටු කර ගැනීමට හැකිවේ.
පවුලේ දරුවන් ඇතුළු සාමාජිකයන් ගේ කටයුතු ද සමබරව ඉටු කරගැනීමට අවස්ථාව උදාවේ. මෙසේ එකිනෙකාගේ සිතැඟි හඳුනා ගැනීමෙන් දුක හා සැප සමීපව බෙදා හදා ගැනීමෙන් මෙන්ම අනෙකාගේ කටයුතු පිළිබද මනා වැටහීමකින් පසුවීම යුවළ සම්බන්ධතා තර කිරීමට හේතු වේ. අනවශ්‍ය සැකකිරීම්, ලිංගික ඊර්ෂ්‍යාව, එකිනෙකා නුරුස්සන ස්වභාවය එවිට ඇති නොවේ. යුවළ සබඳතාවක් සාර්ථක වීමට තිබිය යුතු වැදගත්ම සාධකය එකිනෙකා කෙරෙහි අවංක වීමයි.
අනෙකාගේ ආදරය වැඩි වශයෙන් රඳවා ගැනීම සඳහා බොරු කීම, බොරු ගති සොබා රඟ දැක්වීම හෝ නැති දේ ඇති කර පෙන්වීම ඉතා හානිකර වේ. පුරුෂයා මෙන්ම ස්ත්‍රියද අවංක විය යුතුය. වර්තමානයෙහි අප රටේ විවාහ ජීවිත දෙදරා යන්නේ ඉහත කරුණු පිළිබඳ අවධානය යොමු නොකරන හෙයිනි. සැමියා සහ බිරිය එකිනෙකාගේ අදහස්වලට ගරු කළ යුතු අතරම ඔවුනොවුන් පිළිබඳ වෙසෙසින් සැලකිලිමත් විය යුතුය.
විවාහය තුළ සැමියා බිරියට හෝ බිරිය සැමියාට ආදරය පළ නොකිරීම, එකිනෙකා අගය නොකිරීම, අන්‍යොන්‍ය අදහස් නොසලකා හැරීම තුළින් තමාගේ සිතැඟි හඳුනන, තමාට ඇහුම්කන් දෙන තෙවැනි පාර්ශ්වයක් හමුවූ කළ සැමියා හෝ බිරිය නිරායාසයෙන්ම එකී තෙවැන්නා වෙත සමීප වීම මෙහිදී සිදුවේ.
එවැනි තත්ත්වයකදී දැඩිව පීඩාවට පත් වන්නෝ දරුවෝය. එවැනි දරුවන් තුළ ඇතිවන ලජ්ජාව සහ හීනමානය හේතුකොටගෙන භින්න පෞරුෂය සහිත අසාර්ථක පුද්ගලයෝ බිහිවෙති. ආතතිය මෙරට විවාහක යුවළ අතර බහුලව දැකිය හැකි රෝගයකි. බටහිර රටවල සාර්ථක ලෙස යුවල සම්බන්ධතා පවත්වන්නන් අතර ආතතිය, අධික රුධිර පීඩනය, හෘද රෝග, හිසරුදා, දියවැඩියාව මෙන්ම විශාදය වැනි මානසික රෝගද බෙහෙවින් අඩුය. ඊට හේතුව යුවළ සම්බන්ධතා පවත්වන කාලය තුළ ඔවුන් එකිනෙකා කෙරෙහි අවංකව, මනා අවබෝධයකින් යුතුව එම සබඳතා පවත්වා ගැනීමයි.
යහපත් පවුලක පදනම ආදරය, විශ්වාසය හා ලිංගික සාර්ථකත්වයයි. පවුල තුළින් ලිංගික අවශ්‍යතා නිසි ආකාර ඉටු නොවන කල්හි කාන්තාවන් අතර බහුලව විශාදය වැනි රෝග ඇතිවේ. පුරුෂයන් මෙන්ම ඇතැම් කාන්තාවන් ද මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම, වෙනත් ලිංගික සබඳතා මගින් එච්.අයි.වී. ඒඩ්ස් ඇතුළු වෙනත් සමාජ රෝගවලට ගොදුරු වීම වැනි ගැටලු රැසක් පැන නගී. එහෙයින් සෑම යුවලක්ම තම සබඳතාව සාර්ථකව පවත්වාගෙන යෑම පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුය.
කුමන ආකාරයකින් යුවල සම්බන්ධතා ගොඩ නැගුණත් වැදගත්වන කරුණු කිහිපයක් තිබේ. ඒවා නම් පුද්ගලයකුගේ නිදහසට ගරු කිරීම, තවත් අයකුට කායිකව හෝ මානසිකව හානි නොවන සේ කටයුතු කිරීම සහ සමාජයේ විසමතා ඇති නොවන පරිදි කටයුතු කිරීමය. වගකීමෙන් හා අවංකව යුවළ සබඳතාවන් පවත්වාගෙන යෑම යහපත් සමාජයක පැවැත්ම උදෙසා ධනාත්මක මෙහෙවරක් ඉටු කරයි

Comments

Post a Comment