xP Install කරණවනම් ඔයාලට ගත වෙන්නේ විනාඩි 9

ගොඩක් අය මේ කාලෙ windows 7 වලට මාරු උනත් තාමත් xp පාවිච්චි කරන අය ඉන්නවනෙ.ඉතින් මම හිතුව ඒ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ත්‍රෙඩ් එකක් දාන්න.

ඔයාල දන්නවනෙ XP Install කරනකොට සාමාන්‍යයෙන් පැයක් විතර යනව කියලා.

මේ මම කියල දෙන ක්‍රමයෙන් xP Install කරණවනම් ඔයාලට ගත වෙන්නේ විනාඩි 9 තත්පර 40ක් වැනි සුලු කාලයක් විතරමයි.

එහෙනම් කරලම බලමුකෝ

XP වල ෆයිල් ඔක්කොම copy උනාට පස්සෙ computer එක Restart වෙනවනේ.

ඊට පස්සෙ ඔයාලට මේ වගේ Window එකක් පෙනෙයි.
සාමාන්‍යයෙන් මෙතන ඉඳන් XP Intall වෙන්න විනාඩි 39ක් යනවා.
දැන් මෙහෙම කරමු.

ඔය ඉහල තියෙන රූපෙ ඔයාලට පේන්න ගත්ත ගමන් ඔයාල "Shift + F10 " press කරන්න.
( Now As This Image APPEARS You Have to Press "Shift + F10 ".This Will Open The command Prompt )
එතකොට ඔයාලට මේ වගේ Window එකක් ලැබෙයි






දැන් ඔතන taskmgr කියල Type කරන්න.දැන් ඔයලට Task Manager එක ලැබෙයි.

( Now type taskmgr in it. This will open the Task manager)

දැන් Task Manager එකේ Process ටැබ් එක යටතේ තියෙන Setup.exe එක හොයාගෙන පහත පරිදි ඒක උඩ Right Click කරලා Priority එක Highest කරන්න.




දැන් ඔක්කොම හරි Stop watch එකකුත් ලගින් තියාගන බලන් ඉන්නකො කොච්චර වෙලාවකින් XP Install වෙනවද කියලා




Comments