පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි



පෘථිවිය විනාශ කිරීමට පැමිණෙන පිටසක්වල යානාවක් මූතුර් අහසේ දිස් වෙයි.

සූර්යයා මත සුදු ලපයක් ආකාරයෙන් දිස් වූ වස්තුව

පසුගිය 15 බදාදා සවස 2.45 ත් 3.30 ත් අතර මූතූර් වැසියන්ට අහසේ සූර්යයා දෙසින් පිටසක්වල යානාවක් දිස් වූ බව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාවණගවේශක කණ්ඩායම වන වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත වාර්තා විය. අපගේ හෙළ ගවේෂණ කණ්ඩායම එහි යවා එය තහවුරු කර ගැනීමට දින දෙකක් ගත විය. ආන්දෝළනාත්මක වාර්තාකරණයන් හේතුවෙන් ඉතා සුළු පිරිසක් තාමත් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය අවිශ්වාස කරන නිසා, පක්ෂ විපක්ෂ කවුරුත් එක සේ පිළිගන්නා ශ්‍රී රාවණපාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් පළ කළ වාර්තාව මෙලෙස පළමුවෙන්ම ඔබ වෙත ඉදිරිපත් කරමි.



පසුගිය වෙසක් මාසයේදී තවත් ශ්‍රී රාවණ පාක්ෂික පුවත්පතක් වන දිවයින පුවත්පත හරහා, සම්මානලාහී ජාතික ආරක්ෂක වාර්තාකරු කීර්ති වර්ණකුලසූරිය මහතා හෙළි කළ, පෘථිවිය ආක්‍රමණය කිරීමට පැමිණෙන පිටසක්වල යානා 3 ගැන ඔබ අසා තිබුණාද? ඒ ගැන නොදනීනම් එම කෙටි ලිපිය මෙතනින් කියවන්න.

මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමාගෙන් මා මේ සිද්ධි දාමය ගැන විමසූ අතර එතුමා පැවසූ කාරණා දැනගැනීමෙන් මාගේ ලේ වතුර නොවූවා පමණි. එම අති භයානක පුවත මෙලෙසයි.

තාපසතුමාම කුණ්ඩලීනී යෝගයට සම වැදී මීට පෙර දිනක අපව දැනුවත් කළ පරිදි "ප්‍රිඩෝටර්" නැමති ලෝකයෙන් පැමිණෙන එම යානා තුනේ මූලික අරමුණ වූයේ 2012/12/12 දිනදී සිදුවන ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ නැගිටීමට බාධා කිරීමයි. ඉන් පසුව පෙරළා තම ග්‍රහ ලෝකයට පිටත්වීමට ඔවුන් සැළසුම් කර තිබුණි. නමුත් ඔවුන් එම අරමුණ වෙනස් කරගෙන ඇති අතර ශ්‍රී රාවණයන්ගේ නැගිටීමට බාධා කිරීමෙන් පසුව, නැවතත් කිසි දාක ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට නැගිටීමට නොහැකි වන පරිදි මුළු පෘථිවියේම මානව වර්ගයාව විනාශ කිරීමට තීරණය කර ඇත. එනම් ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නින්දෙන් නැගිට එම පිටසක්වල යානා 3 ඇතුළු ආක්‍රමණිකයින්ව විනාශ නොකළොත් එම පිටසක්වලයන් අතින් මනුෂ්‍ය වර්ගයාව සහමුලින්ම සංහාරය වී මිහිතලයෙන් අතු ගෑවී යාමට නියමිතය.

ඉතින් එලෙස පැමිණෙන පිටසක්වල ආක්‍රමණිකයින් තම යානාවන් ප්ලූටෝ ග්‍රහයාගේ කක්ෂය ආසන්නයේ නතර කර, ඔත්තු බැලීමේ යානාවක් පෘථිවිය වෙත එවා ඇත. එය පෘථිවියට ළඟා වූයේ පසුගිය 15 වැනි දිනයි. ඉන්දියානු බමුණන් විසින් හෙළයින්ගෙන් සොරා ගන්නා ලද, ශ්‍රී රාවණ රජතුමා විසින් රචිත "වෛමානික ශාස්ත්‍රය" නැමති හෙළ පුස්කොළපොතේ දැක්වෙන ආකාරයට එම පිටසක්වල යානා පවා යොදා ගන්නේ අති ප්‍රබල ගුවන් යානා තාක්ෂණයක් වන "ප්‍රතිගුරුත්ව එංජිම" යි.



ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් තිබෙන්නේ ශ්‍රී රාවණ රජතුමාගේ රාජධානිය වූ "ලංකාපුරය" හෙවත් වර්තමාන ශ්‍රී ලංකාවේ වෙන අතර ඒ බව පිටසක්වල ජීවීන් පවා මැනැවින් අවබෝධ කරගෙන ඇත. ඒ ගැන ඔබට විශ්වාස නොමැතිනම් BBC හි මේ ලිපිය බලන්න, එහි සිතියමේ නිල් පාටින් දැක්වෙන්නේ ලෝකයේ ගුරුත්වය අඩුම කලාපයයි. එනිසා තම ඔත්තු බැලීමේ යානය වඩාත් ගුරුත්වය අඩු ශ්‍රී ලංකාවට ඉහල අහසේ කක්ෂ ගත කිරීමට ඔවුන් තීරණය කර ඇත.

හිරු හෙවත් රා ගෙන් එල්ල වෙන සූර්ය විකිරණයන් හේතුකොටගෙන, එම විකිරණ දෙසින් ඇති ආකාශ වස්තු ගුවන් නිරීක්ෂණ රේඩාර් වලට හසු නොවේ. ඒ තාක්ෂණයත් දන්නා එම දියුණු පිටසක්වලයින් තම ඔත්තු බැලීමේ යානය සූර්යයා සහ පෘථිවිය මැදි වෙන ආකාරයටම ශ්‍රී ලංකවට ඉහල ආකාසයේ කක්ෂ ගත කර ඇත. ඊට අමතරව ඇමරිකානු හෝ චීන රේඩාර් වලට පවා හසු නොවන ආකාරයේ අති ප්‍රබල "Radar Shield" තාක්ෂණයන් ඔවුන් සතුව ඇති බව තාපස තුමා වැඩිදුරටත් පැවසීය.

දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි, එනම් මූතූර් වැසියන් එලෙස සූර්යයා දෙසින් දු‍ටු කැ‍රැකැවීම යනු එම යානයේ ඇති රසදිය එංජින් වල ක්‍රියාකාරීත්වයයි. පින්තූරයේ කළු ලපයෙන් ඔබ දකින්නේ එම රසදිය දහනය වීම වන අතර අළු පාට චතුරසාකාර කොටසින් බොඳ වූ ආකාරයට පෙනෙන්නේ එම යානාවයි. මේ මොහොතේත් එම යානය අපව නිරීක්ෂණය කරමින් සිටි.

මිත්‍රවරුණි, පෘථිවි වැසියන් වන අප දැන් මුහුණ දී තිබෙන්නේ බරපතල ඛේදවාචකයකටයි. යුග ගණනාවක් අඛන්ඩව ‍රැකගත් මනුෂ්‍ය ශිෂ්ටාචාරය එක මොහොතකින් සුන් වී යාමට ඔබ ඉඩ දෙනවාද? අපගේ පෘථිවි වැසියන්ගේ සංස්කෘතිය, සභ්‍යත්වය, මනුෂ්‍යත්වය, මේ සියල්ලම කැටි වූ ජීවිතයත් මරණයත් අතර සටනකට ඔබට දැන් ලැහැස්ති වීමට සිදුවී තිබේ.  එතෙක් ඔබට ශ්‍රී රාවණ සිද්ධම්!




පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌ නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌ විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති.

මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.

මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා" ආයතනයේ රහස්‌ ඡායාරූප 1000 ක්‌ විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස්‌ පා සටහන් පමණක්‌ නොව මිනිස්‌ සිරුරක්‌ පවා තිබූ බවයි. මෙම මිනිස්‌ සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක්‌ බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.

මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක්‌ සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා" ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස්‌ සිරුරක්‌ සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.

මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස්‌ හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක්‌ එල්ල වන බවයි.

මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක්‌ තිබේද?

Comments