ලෝකෙ මිළ අධිකම මිනී පෙට්ටි මෙන්න!!



මිනී පෙට්ටියේ ඉතිහාසය අවුරුදු 5000 කටත් එහා පැත්තට යන්නකි.. ඒ කාලයේ ඊජිප්තුවේ සහ මෙසපොතේමියාවේ රජවරුන් මිය ගිය විට තඹ, ඊයම් හෝ රනින් කළ මිනී පෙට්ටිවල දමා වළ දමන ලදී.. එහෙත් එකල සාමාන්‍ය මිනිසකු මළ විට එක්කෝ පවුලේ අය ඔහුගේ මිනීය ගෙතුළ දමා ගේ අතහැර ගියේය.. නැත්නම් මිනීය දුර පළාතක කැලයකට ගොස් දැමීය, නැත්නම් පර්වථයකින් එහාට තල්ලු කළේය, එහෙමත් නැත්නම් ගඟකට දැමීය.. එහෙත් පසු කාලයේදී අතීත කාමය ගැන කල්පනා කරමින් ආසියානුවා එතැනම සිටින අතර ඔහු පසුකර ඉදිරියටම ගිය යුරෝපීයයා හැම මළ මිනිහකුම, ගැහැනියකුම හොද මිනී පෙට්ටියක දමා වැළලිය යුතු බව ලෝකයට කියා දුන්නේය.. අද වන විට ලෝකයේ වඩාත්ම ලාබ ලබන ව්‍යාපරවලින් එකක් බවට පත්ව ඇත්තේ මිනී පෙට්ටි වෙළදාමය.. මිනිසකුට මිනී පෙට්ටියක් අවශය වන්නේ එකම එක වතාවක් පමනි.. ඒ සදහා ඕනෑම මිලක් ගෙවීමට සූදානම් ධනවතුන් මේ ලෝකයේ වෙතී.. අද අප කතා කරන්නේ ඇමෙරිකාවේ මිනී පෙට්ටි වෙළදාම ගැනය.. එයට හේතුව ලෝකයේ මිනී පෙට්ටි කර්මාන්තය ලොකුවටම කෙරෙන රට ඇමෙරිකාව වීමය.. අද අවුරුද්කකට ඩොලර් ලක්ෂ 120000 ක මිනී පෙට්ටි ඇමෙරිකාවේ විකිණෙයි.. ඇමෙරිකාවේ බේට්ස්විල් මිනී පෙට්ටි සමාගම ලෝකයෙ මිනී පෙට්ටි සාදන ලොකුම කොම්පැණිය වේ..
ඊජිප්තු සහ මෙසපොතේමියානු ජනයා මළසිරුරු පෙට්ටිවල දමා වැළලූ බව අපි දන්නෙමු.. අද මෙන්ම එදා ද ඔවුහු මිනී පෙට්ටි අලංකාර කිරීඹට ලී, රෙදි, කඩදාසීයනාදිය පාවිච්චි කළහ.. යුරෝපීය 7 වැනි සියවසේදී ගල්වලින් සාදන ලද පෙට්ටිවල දමා මිනී වැළලූහ.. එහෙත් ලී රෙදි යනාදියෙන් හැඩගන්වන ලද කාස්කට් වර්ගයේ මිනී පෙට්ටි හෙවත් මංජුසාවල දමා මළ සිරුරු වැළලීම කළේ උසස් පන්තියේ ධනවතුන් පමණි.. සාමාන්‍ය ජනයාගේ සිරුරු ඝන රෙදිවල ඔතා වළ දමන ලදී..
ඇමෙරිකාවේ මුල්ම මිනී පෙට්ටි නිෂ්පාදකයෝ ලී බඩු සහ කැබිනට් සෑදූ වඩුවෝය.. 1775 දී බ්‍රිතාන්‍යයට පක්ශපාත ඇමෙරිකන් ජනයා සහ බ්‍රිතාන්‍යට විරුද්ධව ඇමෙරිකන් ජනයා අතර හටගත් සිවිල් යුද්ධයෙදී මියගිය සෙබළුන්ගේ මළ සිරුරු වළ දැමීම සදහා බහුල වශයෙන් මිනී පෙට්ටි වුවමනා විය.. එය ඇමෙරිකාවට විශාල වශයෙන් මිනී පෙට්ටි වුවමනා වූ පළමු අවස්ථාවයි.. 1840 දී ආර්නෝල්ඩ් ෆිස්න් නැමති ඇමෙරිකානුවා වානේ වලින් තනන ලස වායුරෝධක Air Tight මිනී පෙට්ටියකට පේටන්ට් අයිතිය ලබා ග්තතේය.. පසුව ලෝකඩවලින් සාදන ලද මිනී පෙට්ටියක්ද ඇමෙරිකන් ධනවතුන් අතර ජනප්‍රිය විය.. මෙහි පියන වීදුරු වලින් තනා තිබිණ.. එහෙත් මිනී පෙට්ටියකින් සිදුවියයුතු කාර්යය හෙවත් පෙට්ටියත් ඒ තුළ ඇති මළ සිරුරත් දිරාපත් වීම මේ යකඩ පෙට්ටිවලින් සිදු වූයේ නැත.. එහෙත් අදටත් මේ පෙට්ටිය ජනප්‍රියය..
ඇමෙරිකාවේ මිනී පෙට්ටි නිපදවන්නන්ගේ සංගමයක් තිබේ.. එහි ප්‍රමුඛ සාමාජිකයා බෙට්ස්විල් කාස්කට් සමාගමය.. මේ සමාගමට මිනී පෙට්ටි වර්ග 40ක පේටන්ට් අයිතිය ඇත.. ඔවුන් වැඩි වශයෙන් ලෝහ මිනී පෙට්ටි සෑදූහ.. එහෙත් දෙවන ලෝක යුධ සමයේදී ඔවුහු යුද කටයුතු සදහා යකඩ සහ දැව ඉතිරි කරගනු පිණිස කාඩ්බෝඩ්වලින් මිනී පෙට්ටි සෑදූහ.. අද ඔවුහු වානේ, තඹ, ඇලුමිනියම්, කාබන් යනාදිය පාවිච්චි කරති.. ඊටත් අමතරව ස්ටර්ලිං රිදී තහඩු, කැරට් 18, 22, 24 රන් තහඩු.. මුතු, මැණික යනාදිය ද මිනී පෙට්ටි අලංකාර කිරීමට යොදති..
මිනී පෙට්ටි ඉතිහාසයට අදාළ අනුරූ ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක් ඇමෙරිකාවේ හුස්ටන් නගරයේ ඇත.. (http://www.mnfh.org/) ඒ අතර ස්ප්‍රීංෆිල්ඩ් ප්‍රෙද්ශයේ මිනී පෙට්ටි කෞතුකාගාරයක එබ්‍රහම් ලින්කන්, ජෝන් කෙනඩි, රිචඩ් නික්සන් යනාදීන්ගේ මිනී පෙට්ටිවල අනුරූ ප්‍රදර්ශනය කෙරේ..
මයිකල් ජැක්සන්ගේ මිනී පෙට්ටිය සාදන ලද්දේ ද බෙට්ස්විල් කාස්කට් සමාගමය.. එය ලංකාවේ මුදලින් රුපියල් තිස්පන් ලක්ෂයක් විය.. පෙට්ටිය කැරට් 14 රන් ආලේප කර සාදන ලදී..
ලෝකයෙ තවත් වටිනා මිනී පෙට්ටියක් මැලේසියාවේ ක්වාලාලම්පුර් නගරයේ ප්‍රදර්ශනාගාරයක තැන්පත් කර ඇත.. ඇමෙරිකානුවන් විසින් සැලසුම් කෙරුණු මෙය විල්ලුදවලින් හැඩගන්වා ඇත.. එහි වටිනාකම රුපියල් පනස් ලක්ෂයකි.. මෙහි නොදිරන කොටස් නැති අතර පරිසර හිතකාමී මිනී පෙට්ටියක් ලෙස සැලකේ..
මේ අතර මැලේසියාවේ ජාතික කෞතුකාගාරයේ රුපියල් කෝටි 3ක් වටිනා මිනී පෙට්ටියක් ඇත.. එය කැරට් 14 රන් තහඩුවලින් කැටයම් කර තිබේ.. ඇතුළතට යොදා ඇත්තේ සේදය..


ලෝකෙ මිළ අධිකම මිනී පෙට්ටි මෙන්න!!

01. The Monarch Elite Pure White GoldTM Luxury Gilded Casket


සම්පූර්ණයෙන්ම ප්ලැටිනම් ලෝහයෙන් ආවරණය කර ඇත.. වෙචි වුඩ් ලීය පාවිච්චි කර තිබේ.. මල් වැල් සියල්ල අතින් කැටයම් කර තිබේ.. නිල් පැහැති අනගි වෙල්වට් රෙදිවලින් ඇතුළත කුෂන් කර තිබේ.. නියම අමුද්‍රව්‍ය යොදා අතින් නිෂ්පාදනය කළ බවට සහතිකයක්ද රනින් කළ පැති රාමුද සහිතය..


02. The Monarch Elite Pure 24 Karat GoldTM Luxury Gilded Casket



කැරට් 24 රත්තරනින් කැටයම් කර ඇත.. ඇමෙරිකන් චෙරි වුඩ් යොදා තිබේ.. මල්කම් සහ ලියකම් අතින් කැටයම් කර තිබේ.. රතු කැටවල පැහැය ගත් විල්ලුද වලින් කුෂන් කර ඇත.. නියම අමුද්‍රව්‍ය යොදා අතින් නිෂ්පාදනය කළ බවට සහතික කරනු ලැබේ.. රනින් කළ රාමු යොදා තිබේ..



03. The Monarch Elite Pure 24 Karat GoldTM Obsidian Black Luxury Gilded Casket


කැරට් 24 රන් සහ පොලිමර් යොදා නිපදවා තිබේ.. ඇමෙරිකන් චෙරි වුඩ් ලීය පාවිච්චි කර තිබේ.. මල්කම් හා ලියකම් අතින්ම කැටයම් කර ඇත.. කළු පැහැති විල්ලුවලින්ද ඇතුළත කුෂන් කර තිබේ.. උසස් අමුද්‍රව්‍ය යොදා අතින් නිෂ්පාදනය කල බවට සහතිකයක් නිකුත් කරනු ලැබේ.. රනින් කළ රාමුවකින් යුක්තය..


04. The Sovereign Pure 24 Karat GoldTM Alabaster White Gilded Casket


කැරට් 24 රත්රන් සහ සුදු පැහැති පොලිමර් ද ඇමෙරිකන් චෙරි වුඩ් ලීයද මිශ්‍ර කර නිපදවා ඇත.. මල්කම් සහ ලියකම් අතින් කර තිබේ.. මුතු ඇටයේ සුදු පැහැය සහිත විල්ලුවලින්ද ඇතුළත කුෂන් කර ඇත.. තත්වය පරීක්ෂණ සහතිකයක් ඇත.. රන් රාමුවක් සවිකර තිබේ..
...............................

Comments